-6-

44 19 0
                                    

මං මගෙ බංකරේ අස්සට වෙලා ලොල් එකේ සෝසේජ් හතර පහකට වග කියන ගමන් වෙබ්ටූන් එකක් කියෙව්වා.

ආ?

මොක ද?

මං කිව්වත් වගේ වෙන තැනකට යයි කියල හිතුව ද?
මං මොකට ද අනේ එච්චර කට්ටක් කන්නෙ.. අනික මේ වගේ සුප්පර් ප්ලේස් එකක් දාල යන්න තරං ලෝක අමාරුවක් නෑ මට.

එහ්?
මොකෝ ඔය කට කොනට සිරික්කිය දාන්නෙ ඈ?
නෑ මං කාවවත් බලාපොරොත්තු වෙන්නෑ බොල!
මං එහෙම කීව නිසා දැන් ඌ වෙන තැන් හොයයි.
හඃ!
මං වගේ බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ලෝකෙ වැඩක් ගන්නැති එක පාඩුවක්! ඔව්!

ඔය කට කොනට හිනාවිච්ච උන් ඔක්කොගෙ ම ඔම්මල ම ඕක දැකල උන් පෝන් එක දිහා බලන් මල් කඩනව කියල ම සැක කරපන්.. ඒස්වාහා පුඃ!

එදා මං එල ලොල් එකේ මාගේ තනිකඩ කාලය කා දැමුවා..
හැමදා ම එහෙම ඉන්න තමා හිතුවෙ ඉතිං..

"අනෙ පලයං බං යන්න. ඒලියන් මෝඩයෙක් කියල හිතුව ද?" රිකී---

"කටවහපං!"

.
.
.
.
.
.

බෙල් එක ගහපු ගමන් අනික් උන් වාස්ප වෙනකං ඉඳල මං වෙනද වගේ හෙමින් හෙමින් මගේ ස්පොට් එකට ගෑටුවා.

වෙනදා වගේ ම දකුණු කකුල බංකරේ අස්සට දාල මං ඔළුව ඇතුළට දැම්මා.

ඒත් එහෙම්ම ම ඉස්සරහ බැලුණෙ එතන වෙන මොකෙද් ද හිටිය නිසා!
'කවු ද යකෝ මගෙ ඒරියා එකට මගෙ අවසරයක් නැතුව රිංගපු එකා!?' කියල හිතින් පුපුර පුපුර බලද් දි කටත් චිප්ස් ගොඩකින් පුරවගෙන එතන හිටියෙ ඒලියන්.
ඒත් ලොකු වෙච්චි උගේ ඇස් තිබුණෙ වෙන කොහෙ ද පහළක...
මගෙ ඇසුත් ඒ එක්ක ම පහළට ගියා.

පහළ!?

වෙන දේ මීටර් වෙලා දෙලෝ රත් වෙච්ච මං තත්පරේට දෙකට සාය හදාගෙන උගෙ ඇඟට කඩාපැන්නෙ ගිරිය යටින් කෑ ගහගන.

"යාාාායාාාා! වලත්ත වනචරයා! කොහෙ ද යකෝ බලන්නේ!?" පැනපු ගමන් සම්පූර්ණ දේහ සත්තිය කැටි කරල මං උට හිතේ උතුරගන යන ලැජ්ජාවයි කේන්තියයි ඔක්කො ම දියවෙලා යනකං හැරෙන හැරෙන අතට ගහගන ගහගන ගියා.

"ආායිශ් නො ගේසෙක්කි! බ්‍යුන්තේ!" (ආයිශ් තෝ වල් බ#ලා! අසහනකාරයා!) අන්තිම වතාවටත් ගිරිය යටින් කෑගහල පිළිකුළට ඔරවද්දිත් මේ යකා කඳුළු පෙර පෙර හිනාවෙනවා.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈحيث تعيش القصص. اكتشف الآن