-5-

51 19 2
                                    

මං මේ ළඟ දි හොයාගත්ත දෙයක්!!! පඳුරු බංකරයක්!

බංකරයක් කීවට එතන නිකං පඳුරුවලින් වටවෙලා උඩිනුත් කැනොපියක් හැදිච්ච හිස් ඉඩක්. හිටගන්නනං බෑ ඉඳගෙන තමා ඉන්න ඕනි. පිට්ටනියට ටිකක් එහායින්. එතන හරි ෂෝක්. මං හිතන්නෑ කවුරුවත් දන්නව ඇති කියල. ඒ නිසං මං දැන් එතනට තමා යන්නෙ කන්න. හරී ම නිදහස්...!~~ හැමදා ම උණත් එතන මට හිටිය හැකි..
මං අර හතර දෙනත් එක්කත් කයියක් දාගන තනිය ම කනවා.
පොඩි අඩුවක් නොදැනුණාමත් නෙමේ. ඒත් මං දැනෙන් නෑ වගේ හිටියා.

.
.
.
.
.
.

මං බංකරේ අස්සට වෙලා ලොල් එකේ සැන්ඩ්විච් එකක් කකා හිටියෙ සෙට් එකත් එක්ක. ඒක රහයි. අපෙ ඔම්මගෙ කෑම කොහොමත් රහයිනෙ ඉතිං. මං ඔම්මට කියුවෙ ඉස්කෝලෙ කෑම කන්න අප්පිරියයි කියල. ඔම්මත් ඒක පිළිගත්තා. ;) මොක ද එයා කොහොමත් ඒ ගැන අවුලෙන් හිටියෙ මං එන්න එන්න කෙට්ටු වෙන නිසා..

එකපාරට ම බංකරේ අස්සට ලෙමනේඩ් කෑන් එකක් රෝල් වෙලා ආවා.

"ඈෑෑෑෑඈෑෑෑෑඈෑෑෑෑහ්හ්හ්හ්!!!" මං බෙරිහන් දුන්න නෙමේ කෑ ගැහුණා. මේ හරියට එන්නෙ කවු ද?
මං හෙමීට නැවීගන ගිහින් මූණ විතරක් එළියට දාල වටේ බැලුවා.

ම්ම්හ්ම්..
කවුරුත් නෑනෙ!

මං එහෙම්ම ම ඉඳන් ලෙමනේඩ් කෑන් එක අතට අරං බැලුවා.

"ඒක අලුත් එකක් නෙ!" ෆ්ලොපී පිටිපස්සෙ ඉඳන් කිව්වා.
මං ආයෙත් තව ටිකක් එබිල වටපිට බැලුවත් අඩු ම භූතයෙක්ගෙ අවතාරයක්වත් නෑ.

"මේ හරියට ළමයි එන්නෑනෙ!" ඇන්ඩි බයවෙලා.

"නුගු යා?" (කවු ද?) මං ටිකක් හෙමීට ඇහුවා.
ඒත් එතන ගහක ලේනෙක් විතරයි හිටියෙ. වෙන මොකෙක්වත් නෑ.

"ටිං!" ඒ ගහේ තිබ්බ පීච් ගෙඩියකින් කෑල්ලක් කන ගමන් ඌ සද්දයක් දැම්මා.

"කියොප්තා!" ඒ දිහා බලන් උන්නු මට එහෙ ම කියවුණා.

අහස පේන්න ඔළුව විතරක් බංකරෙන් එළියට දාල මුනින් අතට දිගාවෙච්ච මං ටිකක්වෙලා බලන් උන්නෙ සුදු පාට පුළුන් බෝල වළාකුළු කැටි කැටි අමුතු ම රටාවකට අහස පුරා විසිරිලා තියන හැටි. මං ලොකු හුස්මක් වාතලයට මුදා හැරියා..

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now