❣️Final Chapter❣️

146 23 9
                                    


යුංගි airport එකේ එහේ මෙහේ යන මිනිස්සුන්ගේ අැඟවල් වල හැප්පි හැප්පී තමන්ට පුළුවන් තරම් වේගෙන් දුවගෙන ගියේ මීරාලා හිටපු පැත්තට.

යුංගි මීරාලා හිටපු දිහාවට මඳක් ඈතින් හතිදාගෙන දුවගෙන එනකොටම වගේ දැක්කේ මීරායි, ආදි බබායි දීපු මල් bouquets අතේ තියාගෙන හිනාවෙවී wheel chair එකට වෙලා කතා කර කර හිටපු ටේෂා වගේම එයාට එහාපැත්තේ හිටපු ජන්කුක්වත්, Mrs.ඇන්ඩෘව්ත්.

" ටේෂා!! "

යුංගි තමන් හිටපු තැනම ඉඳන් ටේෂාට සද්දෙන් කතා කරගෙන ටේෂා ලඟට අඩියට දෙකට දුවගෙන ආවේ, ටේෂා වගේම ටේෂා ලඟ හිටපු අනිත් හැමෝමත් යුංගි දිහා පුදුම වෙලා බලන් ඉද්දි.

🖤: ටේෂා! නෝ...නෝ ක්වෙන්චනා??

ටේෂා ලඟට ආපු යුංගි කෙල්ලගේ wheel chair එක පාමුල දණගහගෙන, ටේෂාගේ කම්මුල් තමන්ගේ අත් අතරට මැදිකරගෙන ටේෂාගේ මූන පුරාම තමන්ගේ අැස් යවන ගමන් කලබලෙන් අැහුවා.

💚: ද්...දේහ්..මං...මං හොඳින් යුංගි..

ටේෂා තාමත් යුංගිගේ මේ ක්ෂනික වෙනස් හැසිරීමට පුදුම වෙන ගමන් උත්තර දෙනවත් එක්කම, යුංගි ටේෂාව බිම ඉඳගෙනම වැලඳගත්තේ සැනසුම් සුසුමක් හෙලන ගමන්. ඒ වගේම යුංගිට ගානක්වත් ගියේ නෑ එයාගේ මේ ගහෙන් ගෙඩි එන්න වගේ අමුතු හැසිරීම දිහා මීරා,ජන්කුක්, Mrs.ඇන්ඩෘව් තාමත් එයාලගේ ඇස් ලොකුකරන් බලන් ඉන්නවා කියලා.

💚: යුංගි ඇ..ඇයි මේ ඔයා කලබලෙන් වගේ?

ටේෂා තමන්ව වැලඳගෙන ඉන්න යුංගිගේ පිට මතින් ලාවට එයාගේ අතක් තියන ගමන් ඇහුවේ, යුංගිගේ වේගවත් වෙලා තිබුනු හදගැස්මේ සද්දේ පවා ටේෂාව ඇහෙන්න ගද්දි.

🖤: නි...නිකං...මට බය හි___

යුංගි ටේෂාව තමන්ගෙන් ඈත් කරලා ටේෂාට උත්තර දෙනකොටම වගේ එකපාරටම යුංගිගේ ඇස් ලොකු වුනේ, ටේෂා පිටුපාලා හිටපු ලොකු කනුවේ අල්ලලා තිබුනු luminous කලුපාට ටයිල් එක මතුපිටින් බොඳවෙලා පෙනුනු එහා මෙහා යන සෙනඟ අස්සෙන් මුවාවෙලා, ටේෂාගේ පැත්තට පිස්තෝලයක් එල්ල කරන් හිටපු කලු හූඩිකාරයව දැක්කම.

ඒ ඇසිල්ලෙන්ම යුංගි ආපස්සට ඉක්මනට ටේෂාව තමන්ගෙන් ආවරණය වෙන විදිහට බදාගන්නවත් එක්ක, ටේෂාට මතක තිබුනේ එකපාරටම ඇහුනු වෙඩි හඬත් එක්ක, තමන්ව වැලඳගෙන හිටපු යුංගිගේ පිට මත තිබුනු තමන්ගේ අතේ එකපාරටම තැවරුනු ලේ දකිද්දි තමන්ගේ වටපිටාව අඳුරු වෙලා යනවා විතරයි.


💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now