❣️Chapter 08❣️

114 20 0
                                    

ජන්කුක්, මීරා, ටේෂා තුන්දෙනාම හිටියේ ice cream cart එකක් ලඟට වෙලා ice cream කන ගමන්.සෝල් වල රෑ 11ත් පහුවෙලා තිබුනු නිසා පාරවල් වල මිනිස්සු ගොඩක් අඩු හින්දා ජන්කුක්ට ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ.

👩"ජන්කුක් ඔප්පා!ice cream නම් මාර රසයි හොඳේ.ප්‍රශ්නේ තියෙන්නේ ඔප්පට මහ රෑම ice cream කන්න හිතුනු එක.හැබැයි ඉතිං ඒකෙත් ආතල් එකක් නැත්තේමත් නෑ!"

මීරා කිව්වේ ice cream එක කන ගමන් හිනාවෙවී.ජන්කුක් රෑ එකපාරටම ටේෂාට මීරාවත් එක්කගෙන හම්බවෙන්න එන්න කිව්වම ටේෂා Mrs.Andrewටවත් නොකියා ආවේ ජන්කුක්ට මොකක්හරි හදිස්සියක් වෙන්න ඇති කියලා හිතලා.බැලින්නම් ජන්කුක් කතා කරලා තියෙන්නේ ice cream කන්න.

ටේෂාට හිනා ගියේ මෙලෝ සිහියක් නැතුව කට වටෙත් ගාගෙන ice cream කන ජන්කුක්ව දැක්කම.ටේෂා ටිෂූ එකක් අරගෙන ජන්කුක්ගේ කට වටේ පිහදැම්මේ ජන්කුක් ඇස් දෙකත් ලොකු කරගෙන ටේෂා දිහා බලන් ඉද්දි.

ටේෂාගේ සීතල ඇඟිලි ජන්කුක්ගේ තොල්වල ලාවට ස්පර්ශ වෙද්දි ජන්කුක්ගේ හිත ගැස්සුනා.

💚"ජන්කුක්ෂී!ඇයි ඔයාට එකපාරටම අපිත් එක්ක ice cream කන්න හිතුනේ?"

ටේෂා එකපාරටම ජන්කුක්ගෙන් අහද්දි තමයි මෙච්චර වෙලා ටේෂා දිහා බලන් හිටපු ජන්කුක් කෙල්ලගෙන් ඇස් අහකට ගත්තේ.පැත්තකට වෙලා දෙන්නා දිහා බලන් හිටපු මීරාට හිනා ගියේ ජන්කුක් ටේෂා දිහා කටත් ඇරන් බලන් හිටපු විදිහට.

🐰"ම්ම්...නිකං..ඇයි ඔයා කැමති නැද්ද ice cream කන්න?"

💚"අ...අනී...මං කැමතියි.මං ඇත්තටම කැමැත්තෙන් හිටියේ දවසක යාලුවොත් එක්ක ගිහින් ice cream කන්න"

🐰"මං දන්නවා ඒක"

💚"ආහ්?"

🐰"නෑ...මේ...මං මේ කිව්වේ මට හිතුනා ඔයා එහෙම කන්න කැමති ඇති කියලා"

ජන්කුක් කිව්වේ හොරැහින් ටේෂා දිහා බලන ගමන්.

තුන්දෙනාම ice cream කාලා ඉවර වෙලා selfie එකක් ගැහුවේ ජන්කුක්ට ice cream cart එක ඉස්සරහින්ම ඉඳන් ෆොටෝ එකක් ගහන්න ඕන කියපු නිසා.

****************

පහුවදාත් ටේෂාව Mrs.Andrew Hybe එකට එක්කගෙන ආපු නිසා කෙල්ල හිටියේ BTSලගේ practice hall එකේ කට්ටියගේ practice බල බල.

💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now