❣️ Chapter 25❣️

180 22 6
                                    


--- @ Hospital ---

👤: ටේෂාගේ reports හරියටම මීට අවුරුදු පහකට කලින් ගත්ත reports වලට සමානයි Mrs.ඇන්ඩෘව්!...ඒ reports වල වගේම මේවාගෙත් එයාගේ brain එකේ blood clot එකයි, කකුල් වල nerve damage එකයි පෙන්නනවා...ඒත් මට හිතාගන්න බැරි ටේෂාට කිසිම symptom එකක් පෙන්නන්නේ නැතුව කොහොමද මෙහෙම එකපාරටම එයා ආයෙත් අසනීප වුනේ කියලා...
මොකද එයා මීට මාස හතරකට විතර කලින් අපේ hospital එකට ඇවිත් කරපු එයාගේ full body checkup එකේදිවත් මෙහෙම දේක කිසිම symptom එකක් පෙන්නුවේ නෑ...

තම කැබින් එකෙන් එලියට ආපු Dr.රොහාන් කිව්වේ ඔහු අතේ තිබුනු ටේෂාගේ වෛද්‍ය වාර්තා බැරෑරුම් විදිහට  පරීක්ෂා කරන ගමන්.

👩‍🏫: ඒකම තමයි මටත් හිතාගන්න බැරි Mr.රොහාන්...වීනස්...මගේ දරුවා...එයා...එයා ඊයෙත් මීරාගේ වෙඩින් එකේදි හොඳින් හිටියා...ජන්කුක් උදේ මට කෝල් කරලා විස්තරේ කියද්දි මං හිතුවේ දෙන්නත් එක්ක මට විහිලු කරනවා ඇති කියලා...

👩‍🏫: මං...මං කීයටවත් හිතුවේ නෑ වීනස් ආයෙමත් අසනීප වෙයි කියලා...අඩුම තරමේ මං තාම මීරාටවත් මේ ගැන කිව්වේ නෑ...එයා ඉන්න තත්වෙත් එක්ක එයාගේ අක්කා ගැන දැනගත්තොත් තවත් කලබල වේවි...මට...මට තේරෙන්නේ නෑ මං මොනවද කරන්න ඕන කියලා Mr.රොහාන්...

Mrs.ඇන්ඩෘව් තමන්ගේ හිසත් බදාගෙන අඬන්න ගත්තේ රෝහල් කොරිඩෝවේ අසල තිබුනු බංකුවක් මත වාඩිවෙලා.

👤: මේ තත්වෙත් එක්ක මට ඔයාට කලබල වෙන්න එපා කියන්න බෑ Mrs.ඇන්ඩෘව්...ඒත් අම්මා කෙනෙක් විදිහට ඔයා මීට වඩා ශක්තිමත් වෙන්න ඕන...ම්ම්...

Mrs.ඇන්ඩෘව් වාඩිවෙලා හිටපු බංකුවෙන් අසුන් ගත් Dr.රොහාන්  Mrs.ඇන්ඩෘව්ගේ පිටටත් අතින් හිමින් තට්ටුවක් දාලා කිව්වා.

👩‍🏫: මගේ...මගේ දරුවව සනීප කරන්න පුළුවන් නේද Mr.රොහාන්?...ආහ්?...කීයක් ගියත් කමක් නෑ...ඉල්ලන ඕන ගානක් මං වියදම් කරන්නම්...මගේ දරුවව සනීප කරලා දෙන්න ඩොක්ටර්!...මං...මං එච්චරයි ඉල්ලන්නේ...

Mrs.ඇන්ඩෘව් අඬ අඬාම කිව්වේ Dr.රොහාන්ගේ අත්දෙකෙන්ම අල්ලගෙන බැගෑපත් ස්වරයෙන්.

👤: මට doctor කෙනෙක් විදිහට ඔයාට බොරු කියන්න බෑ Mrs.ඇන්ඩෘව්...මොකද ටේෂාගේ condition එක ගොඩක් serious!...එයාගේ කකුල් වල condition එක නිසා එයාගේ ශරීරේ ගොඩක් දුර්වලයි...

💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now