❣️ Chapter 17❣️

117 16 11
                                    


" උඹලා කිව්වා නේද ඒ පොඩි එකා මැරුවා කියලා?..ආහ්?...එතකොට කොහොමද ඌ අද උසාවියට ආවේ?...කියපන්!...ආහ්?..උත්තර දීපල්ලා මට!

දත්මිටි කමින් වියරු වැටිලා හිටපු නවාංශික් කාමරේ පුරා තිබුනු බඩු සියල්ලම වගේ බිම දමමින් කෑ ගැහුවේ තම සගයින්ට.

" ඒ...ඒත් බොස් ඒ පොඩි එකා මැරුනනේ...ම...මගේ අතින්මයි මං ඌට වෙඩි තියලා කැලේ දාලා ආවේ..."

නවාංශික් අසල හිටපු සේවකයෙක් ගොත ගහමින් කිව්වේ අඩියෙන් අඩිය ඔහු වෙතට ලංවුනු නවාංශික්ගේ රකුසු මුහුන දිහා වරක් බලලා බිමට මූන හරවගෙන.

" ඌ මැරුනා නම් උගේ හොල්මනද උසාවියට ඇවිත් සාක්ෂි දුන්නේ?...ආහ් මිනිහෝ?..."

නවාංශික් කෑ ගැහුවේ ඔහු අසල සිටි සූබින් නම් සේවකයාගේ ගෙලින් අල්ලා ඔහුව බිත්තිය දෙසට තල්ලු කරන ගමන්.

" උඹලව මං මහලොකුවට විශ්වාස කරපු නිසා තමයි මගේ අප්පට නිකං හිරබත් කන්න වුනේ...වැඩක් බාර දුන්නම හරියට ඒකවත් කරගන්න බැරි බ %&@%*...පොඩි එකෙක්වත් හරියට ඉවරයක් කරගන්න බැරි පො%&@%& උඹලා! "

නවාංශික් යලිත් කෑ ගසමින් කාමරය පුරා තිබුනු බඩු බිම දමන්නට වුනා.

ඔහුගේ සේවකයින්ට නම් ඔහුගේ මෙම හැසිරීම නුපුරුදු දෙයක් නොවුනත් , ඔවුන් සියල්ලෝම හිටියේ බියෙන් තැතිගැන්විලා.

මන්දයත් වෙනදාටත් වඩා නවාංශික් හිටියේ වඩාත් කෝපයෙන් නිසා.එවැනි දිනවලදී ඔහු යටතේ ඉන්නා සගයින් කාටහරි ඔහුගෙන් වෙඩිකෑමට සිදුවන බව නියත වශයෙන්ම ඔවුන් දැනගෙන හිටපු නිසා.

කිම් නවාංශික් යනු නමගිය පාතාල නායකයෙකි.ඔහු මෙලෙස කෝප වී සිටින්නේ ඔහුගේ පියාගේ නඩුව පරාජය වී පියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියමවූ නිසාය.එ් නඩුව අන් කිසිවකුත් නොව ටේෂා විසින් බේරාගත් ටේමින්ගේ දෙමාපියන්ගේ මිනීමැරුම් සම්බන්ධ නඩුවය.

නව ගොඩනැඟිල්ලක් සෑදීමට ටේමින් සහ ඔහුගේ දෙමාපියන් ජීවිත් වූ ඉඩම අත්පත් කර ගැනීමට නවාංශික්ගේ පියා ටේමින් හා ඔහුගේ මවත් පියාත් ඝාතනය කරනු ලැබුවා.

💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now