❣️Chapter 14❣️

105 16 2
                                    

කොල්ලෝ ටික වෙන වෙනම පදිංචියට ගිහින් හිටපු නිසා කට්ටියට එකට සෑහෙන දවසකින් හම්බවෙන්න බැරිවුන හින්දා හොබීගේ apartment එකේ පොඩි dinner party එකක් ලෑස්ති කරලා තිබ්බා.

ජන්කුක්ගේ අලුත් solo song එකේ වැඩත් එක්ක පරක්කු වෙලා කොල්ලා party එකට යනකොටත් අනිත් මෙම්බර්ස්ලා ඔක්කොමලා වගේ ඇවිල්ලයි හිටියේ.

🦄: ඕහ්!ජන්කුකා...ඔයා ආවද?..අනිත් ඔක්කොමලා ඇවිත් ඉන්නේ...උඹ විතරයි අඩුවෙලා හිටියේ..

ජන්කුක්ගේ ඉස්සරහට සුපුරුදු සිනහවත් මූනේ රඳවගෙන ආපු හොබී කිව්වේ ජන්කුක්ව වැලඳගන්න ගමන්.

🐰: මියාන්හේ හ්යොන්ග්...මගේ song එකේ වැඩත් එක්ක මේ දවස්වල ටිකක් busy වෙලා ඉන්නේ...ඒකයි පරක්කු වුනේ...

🦄: ආහ්..හරි..හරි..ඒකට කමක් නෑ කුකියා..යං අර පැත්තට..

හොබී ජන්කුක්ව එක්කන් ගියේ party එක ලෑස්ති කරලා තිබුනු පැත්තට.

🐹: යාහ්!!යුංගියා!!..උඹට මොකක්ද මනුස්සයෝ වෙලා තියෙන්නේ?..ආහ්?..ආපු වෙලාවේ ඉඳන් බෝතලෙත් කටේ ගහගෙන කනමදයා වගේ බීගෙන...මොකක්ද මේ නටන නාඩගමේ තේරුම?ආහ්?..

ජන්කුක් ඒ පැත්තට යනවත් එක්කම අැහුනේ වෙනදා වගේම dorm එකේදී ඇහෙන ජින්ගේ සුපුරුදු රැප් එක.ජන්කුක් ඒ දිහාට අැස් යවද්දියි දැක්කේ යුංගිගේ අතේ තිබුනු whiskey bottle එකත් උදුරලා දාලා කෑ ගහන ජින්ව.

🐹: ආයිශ්!..චින්චා..මේ පූස් තඩියව නම් කවදාවත් හදන්න බෑනේ..

ජින් එතනින් යන්න ගියේ යුංගිට තවත් බනින ගමන්.

🦄: යුංගි හ්යොන්ග් ආපු වෙලාවේ ඉඳන්ම ඔහොම තමයි කුකියා..එයා ටේෂාගේ සිද්ධියෙන් පස්සේ මට හම්බවුනු හැම දවසකම වගේ හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි..එයා බාරගෙන තිබුනු music වැඩත් ඔක්කොම වගේ මඟ නතර කරලා දාලා...පව්..මට දුකයි හ්යොන්ග් ගැන..

හොබී කිව්වේ දිග හුස්මකුත් අතෑරලා යුංගි දිහා බලන් හිටපු ජන්කුක් දිහාට හැරිලා.

යුංගිගේ ඇදිලා ගිහින් තිබුනු මූන, දවස් ගානකින් කපලා තිබුනු නැති රැවුල, අවුල් වුනු කොන්ඩේ, ඇස් යට තිබුනු කලු පැල්ලම් වලින් යුංගි පමනටත් වඩා හිතේ කරදරෙන් ඉන්න බව ජන්කුක්ට තේරුම් ගන්න මහ වෙලාවක් ගියේ නෑ.ජන්කුක් යුංගි දිහා බලන් හිටියේ අනුකම්පාවෙන්.

💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now