❣️Chapter 01❣️

1K 40 1
                                    

"Kim Namjoon!Kim Seokjin!Min Yoongi!Jung Hoseok!Park Jimin!Kim Taehyung!Jeon Jungkook!BTS!!!"

ඒ මේ ලොකේ මං වැඩිපුරම අහන්න ආස කරන නම් හත.මං හිටියේ ඒ දම් පාට ලෝකේ ආමිලා දහස් ගානක් එක්ක Army Fanchant එක කියලා කෑ ගහන ගමන්.Ice cat!!ඔව්!!එයා හිනාවෙනවා..මං දකින්න ආසම එයාගේ gummy smile එකෙන්.මාත් හිනාවුනා එයත් එක්ක.එයා හිනාවෙන්නේ මාත් එක්ක නෙවෙයි වග දැන දැනත් මං හිනාවුනා.

අනිත් මෙම්බර්ස්ලා stage එකේ perform කරන අතරේ එයා එකපාරටම stage එකෙන් බැස්සා.එයා stage එකෙන් බැහැපු පාරට ආමිලාගේ කෑ ගැහිල්ල තවත් වැඩිවුනා.Body guardsලා එයාව වට කරගද්දි එයා ආමිලා අස්සෙන් ඉස්සරහට ආවා...පොඩ්ඩක් ඉන්න!!එයා කෙලින්ම එන්නේ මගේ පැත්තට නේද..

"ලබ්..ඩබ්..ලබ්..ඩබ්.."

එයා මගේ පැත්තට එන්න එන්න මගේ හදගැස්ම හොඳටම වැඩි වෙනවා.Stadium එකේ දාලා තිබුනු ලයිට්ස් වල එලිය නිසා එයාව මට පෙනුනේ හරියට කිරිගරුඬ රෑපයක් වගේ.මගේ ලඟටම ආපු එයා ඇස් දහස් ගානක් මැද්දේ හිනාවීගෙනම මගේ ඉස්සරහා දණගැහුවා.එයාගේ හිනාවේ කිසිම වෙනසක් නෑ.ඒක එයාගේ හදවතින්ම එන හිනාවක්.

එයා මගේ දිහාට දිග් කරේ ලස්සන මුද්දක්.

"Will you marry me?"

Stadium එකේ හිටපු ආමිලාගේ සද්දේ එන්න එන්නම වැඩි වුනා.

"Say yes!Say yes!"

එහෙම කියන ගමන් එයාලා කෑගැහුවා.මට ආපු සතුටට කරන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරුවයි හිටියේ.මං එයාගෙන් මුද්ද ගන්න එයාට ලංවුනා.දෙවියනේ!!Shooter කෙනෙක්!!යුංගිගේ පිටිපස්සේ හිටියේ කලු ඇඳගත්ත තුවක්කුවක් එයා දිහාට දිග් කරන් ඉන්න වෙඩික්කාරයෙක්.

මෙච්චර body guardsලා,ආමිලා ඉඳලත් ඒ කිසිම කෙනෙක්ට ඒක ගානක්වත් නෑනේ.

"යුංගීඊඊඊඊඊඊ!!!!"

මං කෑ ගැහුවා.ඒත් යුංගි තියා වෙන කිසිම කෙනෙක්ගේ හෙලවීමක්වත් නෑ.Shooter යුංගි දිහාට වෙඩි තියනවත් එක්කම වගේ මං කරේ යුංගිව තල්ලු කරලා shooter ඉස්සරහට පැනපු එක.

"වීනස්!"

ඒ අස්සෙන් කවුද මන්දා මගේ කන ලඟ ඉඳන් කොඳුරනවා.

"වීනස්!get up!!"

මං...මං මැරිලා නැද්ද එතකොට??එකපාරටම මගේ මූනට දැනුන සීතල ස්පර්ශයත් එක්ක මං හිමීට ඇස් ඇරියා.

💧Tears Of Gold💧✔️✔️Waar verhalen tot leven komen. Ontdek het nu