❣️Chapter 05❣️

120 26 3
                                    


පහුවදා උදේම Mrs.Andrew ටේෂාව හම්බවෙන්න ආවේ Bang PDව මුනගැහිලා.

👩‍🏫"ටේෂා!මං ඊයේ Bang PDව හම්බවෙලා ඔයා ගැන කතා කරා.ඔයාගේ විස්තර අපේ company එකෙන් ඔයාගේ රටින් request කරලයි තියෙන්නේ.ඔයාගේ medical reports ටිකත් ලංකාවේ මං අඳුරන doctor ට කතා කරලා කිව්වා එවන්න කියලා"

👩‍🏫"ඒ වැඩ ටිකට තව දවස් කීපයක් යයි.අපි බලමුකෝ ඒ දේවල් වලින් පස්සේ සමහර විට ඔයාගේ පැත්තට පොඩි හරි වාසියක් වෙයි"

Mrs.Andrew කිව්වේ ටේෂාගේ පිටට තට්ටුවක් දාන ගමන්.දිග හුස්මක් අතෑරපු ටේෂා කරේ Mrs.Andrew ගේ කතාව අනුමත කරන්න වගේ ඔලුව වනපු එක විතරයි.

💚"ආහ්!මැඩම්!"

ටේෂා Mrs.Andrewට කතා කරේ එකපාරටම දෙයක් මතක් වෙලා වගේ.

👩‍🏫"ඔව් කියන්න ටේෂා!"

💚"ඔයා කොහොමද සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ?"

👩‍🏫"ආහ් ඒකද?"

ටේෂා ඇහුවේ Mrs.Andrew ගෙන් අහන්න කියලා ටික දවසක් තිස්සේ හිතාගෙන හිටපු ප්‍රශ්නයක්.Mrs.Andrewට හිනා ගියේ ටේෂා ප්‍රශ්නේ අහපු විදිහට.

👩‍🏫"ම්ම්...මගේ මහත්තයා මෙහේ කෙනෙක් නෙමෙයි.එයා Germany වල හිටපු scientist කෙනෙක්.මං Germany වල university එකේ ඉගෙන ගන්න කාලේ තමයි අපි දෙන්නා යාලුවුනේ"

👩‍🏫"ජෝර්ජ්ගේ පවුලෙන් ප්‍රශ්නයක් නැති උනත් අපේ පවුලෙන් නම් අපේ සම්බන්ධෙට පොඩ්ඩක්වත් කැමැත්තක් තිබ්බේ නෑ.ඒත් අපි marry කරා.මොකද අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් හිටපු නිසා"

👩‍🏫"ටික කාලයක් යනකොට හදිස්සියේම ජෝර්ජ්ගේ projects වගයකට එයාට ලංකාවට යන්න වුනා.මට එතකොට බබාව හම්බවෙලා මාස දෙකක් විතර ඇති.බබාට තිබ්බෙත් ජෝර්ජ්ගේ වගේම ලස්සන කොල පාට ඇස් දෙකක්.ඉතිං මට බබා එක්ක තනියම ඉන්න බැරි නිසා මාත් ජෝර්ජ් එක්ක ලංකාවට ආවා"

👩‍🏫"එයාගේ project එක කරන්න වැටිලා තිබ්බේ බණ්ඩාරවෙල පැත්තේ.අවුරුද්දක් විතර යද්දි අහල පහල අය,ජෝර්ජ් එක්ක project එකේ වැඩ කරපු අයත් එක්ක කතා කරන කොට මායි,ජෝර්ජුයි දෙන්නම පොඩ්ඩ පොඩ්ඩ සිංහල කතා කරන්න පුරැදු වුනා.අපි තුන්දෙනා අැත්තටම ගොඩක් සතුටින් හිටියේ"

💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now