❣️ Chapter 28❣️

130 24 28
                                    

ටේෂා සැත්කම කරන්න කැමති වෙලා දවස් දෙකක්  වගේ කාලයක් ඇතුලත ජන්කුක් වගේම Mrs.ඇන්ඩෘව්ත් ටේෂාගේ සැත්කම කරන්න අවශ්‍ය කරන හැම වැඩ කටයුත්තක්ම සූදානම් කරගෙන, ඇමෙරිකාව බලා පිටත්වෙන්න Incheon ගුවන් තොටුතොටුපලට අැවිත් තිබුනා.

ජන්කුක්ගේ මේ ගමන පෞද්ගලික ගමනක් වුනු නිසා හයිබ් ආයතනයෙන් කිසිම මාධ්‍යයකට මේ බව දැනුම් දීලා තිබුනේ නෑ වගේම, ජන්කුක්ලට පිටත්වෙන්න සූදානම් කරලා තිබුනේ පෞද්ගලික ගුවන් යානයක් නිසාත් ගුවන්තොටුපලේ ලොකු පිරිසක් රැඳී නොසිටිය නිසා ජන්කුක්ගේ වගේම ටේෂාගේ හිතටත් ලොකු සහනයක් වුනා.

💚: මීරා මේක අපේ පූස් බබාට අනිවාරෙන්ම දෙන්න එහෙනම් එයාගේ great aunt දුන්නා කියලා හොඳද?..

ටේෂාව ගුවන්තොටුපළට ඇරලවන්න ඇවිත් හිටපු මීරාගේ අතට, ටේෂා එයා ගොතලා තිබුනු කුඩා නිල් පැහැති වූල් ජර්සිය දෙන ගමන් හිනාවෙලා කිව්වා.

👩: එපා! එයා එන්න තව ගොඩක් දවස් තියෙනවා..අනිත් එක ආයෙත් ආවට පස්සේ ඔයාටම මේක එයාට දෙන්න පුලුවන්නේ ඔන්නි.

මීරා මූනත් පුලුටු කරගෙන ටේෂා දීපු කුඩා ජර්සිය ආයෙමත් ටේෂාගේ අතින් තියන ගමන් කිව්වා. ටේෂා මීරා කියපු දේට ලාවට හිනාවෙන ගමන්, තත්පර දෙක තුනක් මීරා දිහා බලන් ඉඳලා දිග හුස්මක් පිටකරා.

💚: ම්ම්...ඒක නම් එහෙම තමයි..ඒත් ඉතිං..බැරිවෙලාවත් සර්ජරි එකෙන් පස්සේ මගේ treatments ඉවර වෙලා මං එද්දි ඔයාට පූස් බබාව හම්බවෙලා එයා ගොඩක් ලොකු වෙලා හිටියොත් එහෙම..එතකොට ඉතිං මගේ තෑග්ග අපරාදේ වෙනවනේ..

Cute pout face එකකුත් හදාගෙන ටේෂා එයාගේ අතේ තිබුනු වූල් ජර්සිය ආයෙමත් මීරාට දිග්කරන ගමන් කියද්දි, මීරාගේ පුලුටු වෙලා තිබුනු මූනට ආයෙමත් හිනාවක් අාවා.

👩: හ්ම්..ඒත් බයවෙන්න එපා..ඔයා අනිවාරෙන්ම සනීප වෙනවා ඔන්නි..ඔයා ආයෙමත් අපිව බලන්න එනවා..මට විශ්වාසයි ඒක.

ටේෂා හිටපු wheel chair එක ලඟට පාත්වෙලා, ටේෂාගේ අත්දෙකම තමන්ගේ අත් අතරට මැදිකරගෙන මීරා ස්තීර හඬින් කිව්වා.

මීරා කියපු දේට වචනයක්වත් නොකියා ලාවට හිනාවුනු ටේෂා, එයාගේ උකුල උඩ තිබුනු තමන්ගේ කුඩා අත් බෑගයෙන් යමක් එලියට අරන් ඒක මීරාගේ අතින් තියන ගමන්, මීරාගේ කන ලඟට කරලා යමක් මුමුනද්දි මීරාගේ ඇස් අස්සේ හිරවෙලා තිබුනු කඳුලු බිංදු ඔහේ කම්මුල් දිගේ ගලාගෙන ගියා.

💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now