Chapter 34

2.4K 486 258
                                    

"ටේටෙ හබී.. ඉක්මනට එන්න.. කුකී බබාට බයයි."

"මැණික.. කුකී බබා?? දෙවියනේ ඔයා හොඳින්ද?"

හිම වරුසාව අතරින් සිය වෙහෙස ගැන පවා නොහිතා ටේහ්‍යුන්ග් ඉදිරියටම ඇදුනේ එයාගෙ පුංචි ඔමේගාව බලාපොරොත්තුවෙන්. ජන්ග්කුක්ගෙ කිසිම සලකුණක් නැතිවෙද්දි ටේහ්‍යුන්ග් පිස්සු වැටුණා. ඔව්, ඒ වෙද්දි ජීවුන් බලාපොරොත්තු උනා වගේම ටේහ්‍යුන්ග් මානසිකවත් ශාරීරිකවත් දුර්වල වෙලා තිබුණා. ඒත් එකපාරටම ජන්ග්කුක්ගෙ කටහඬ ඇහෙද්දි ටේහ්‍යුන්ග් පුදුමෙන් එහෙම්ම නැවතුණා.

"ටේටේ හබී.. ඔයාට මාව ඇහෙනෝද?"

"ඔව් මැණික ඔව්. දෙවියනේ.. ඒ කියන්නෙ මේ හීනයක් නෙවෙයි. මගෙ මැණික ඇත්තටම මට mind link කරා." ටේහ්‍යුන්ග්ගෙ ඇස් සතුටින් දිලිසුණා.

"ටේටේ හබී.. මේ කැත ඇල්ෆා කුකී බබාට කරදර කරනවා. ඉක්මනට එන්නකෝ.. මට බයයි." ජන්ග්කුක්ගෙ වෙව්ලන කටහඬ ඇහුවම නම් ටේහ්‍යුන්ග් කෝපයෙන් වෙව්ලුවා.

"මං ඉක්මනට එනවා මැණික. මට දැන් ඔයාව දැනෙනවා. ලාවට ඔයාගෙ සෙන්ට් එක දැනෙනවා. කෝ zeha? එයාට පුළුවන් බබාව බලාගන්න.."

"Zeha බයවෙලා.. ප්ලීස් ටේටේ හබී.. ඉක්මනට එන්න."

"හරි මැණික මං ඉක්මනට එනවා." ටේහ්‍යුන්ග් එහෙම කියලා V ට එයාගෙ පාලනය භාරදුන්නා.

"Zeha.. ඔයා හොඳින්ද?" V එයාගෙ ඔමේගාට කතාකරේ මේ මොහොතේ zeha ගෙ මැදිහත්වීම අත්‍යාවශ්‍යයයි කියලා තේරුණු නිසාවෙන්.

"අ..ඇල්ෆා..?" මොහොතකින් Vට එයාගෙ ලූනාගෙ කටහඬ ඇහුණා.

"Zeha.. දෙවියනේ ඔයා හොඳින්. කරුණාකරලා ඉක්මනට හරි සිහියට එන්න zeha. ජන්ග්කුක්ගෙන් පාලනය අරන් එයාට උදව් කරන්න  මනුස්ස පැටියට කරදරයක් වෙන්න දෙන්න එපා." V ගෙ කටහඬ ඇහුනම ආයෙමත් පියවි සිහියට ආපු zeha ජන්ග්කුක් වෙතින් පාලනය භාරගත්තා.

"අද ටේහ්‍යුන්ග්ගෙ පුංචි ඔමේගා මගේ වෙයි.." එහෙම කියන ගමන් ජීවුන් ඇස් වල කඳුලු පුරෝගෙන බිම ඉන්න ජන්ග්කුක් දිහා සරාගී බැල්මක් හෙලුවා.

"කවදාවත් මං තමුන්ගෙ වෙන්නෙ නෑ." ජීවුන් ජන්ග්කුක්ගෙ නිකටින් අල්ලලා ඒ මූණට නැමෙන්න යද්දිම එහෙම කෑගහපු ජන්ග්කුක් ජීවුන්ගෙ අත එයාගෙ නිකටින් එහාට විසික්වෙන්න තරම් දරුණු ප්‍රහාරයක් එල්ල කරා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now