Chapter 14

2.6K 473 244
                                    

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

හිමීට නිදහසේ ඉස්සරහට ඇදුණු පාසල් දරුවන් රැගත් බස් රථ තුන උදේ වෙද්දි බටහිර වෙරළට ළඟා වුණා. කට්ටියටම උදේ කෑම ගන්න වෙලාව දුන්නට පස්සෙ හැමෝම වෙරළට ආවෙ සෙල්ලම් කරන්න. කට්ටියක් වොලිබෝල් ගහද්දි කට්ටියක් මුහුදට පැන්නා. විනෝද චාරිකාවක් උනු ඒ චාරිකාව සම්පූර්ණයෙන්ම පාහේ දරුවන්ගෙ විනෝදය වෙනුවෙන් වෙන්කර තිබුණා.

"ගොඩක් දුරට පීනන්න යන්න එපා ළමයි.." ජීසු හයියෙන් කෑගැහුවෙ මේ වෙලාවෙ ළමයින්ගෙ වගකීම තියෙන්නෙ ගුරුවරු උනු එයාලගෙ අතේ නිසා.

ටිකවෙලාවක් eunwoo බෝල ගහනවා බලාගෙන හිටපු ජන්ග්කුක් එයාට කම්මැලි දැනුනු නිසා වෙරළ දිගේ තිබුණු ලස්සන සිප්පි කටු ඇහිදින්න ගත්තම එයාටත් නොදැනිම එයා ජීසුගෙනුයි eunwoo ගෙයි ඇස් මානෙන් ඈතට ආවා.

"මේ ඉන්නෙ මිනිස් පැටියා.. තමුන්ව හම්බවෙනකම් තමයි මං මේ බලන් හිටියෙ." පිටිපස්සෙන් ඇහුණු කටහඬ අඳුරගත්තු ජන්ග්කුක් හිමීට ඔලුව උස්සලා ඒ පැත්තට හැරුණෙ බයෙන්.

"ජ්..ජේන් නූනා?"

"තමුන් උදේ හැමෝම ඉස්සරහ මාව තල්ලු කරලා මාව ඇල්ෆා ඉස්සරහ චාටර් කරානෙ. දැන් ඒකට විඳවන්න ලෑස්ති වෙනවා." ජේන් එහෙම කියලා ජන්ග්කුක්ගෙ අතකින් ඇදගෙන ඉස්සරහට ඇවිදන් යන්න ගත්තම ජන්ග්කුක් එයාගෙ අත ජේන්ගෙ ග්‍රහණයෙන් ගලවගන්න උත්සාහ කරා. ඒත් ඇල්ෆා කෙනෙක් උනු ජේන් ජන්ග්කුක්ට වඩා ගොඩක් ශක්තිමත් උනු නිසා ජන්ග්කුක්ට එයාගෙන් ගැලවෙන්න බැරිවුණා.

"අනේ නූනා... කුකී බබාව අතාලින්නකෝ.." ජන්ග්කුක් ජේන්ගෙ අත අයින් කරන්න හදන ගමන් කෑගැහුවත් ජේන් නැවතුනේ නෑ.

"කුකී බබාට සොලී.. නූනා හබී අජුශ්ශිව ඇල්ලුව නිසයි කුකී බබාට තලහ ගියෙ.." ජන්ග්කුක් තොලුත් උල් කරන් කියද්දි ජේන්ගෙ තරහ ජන්ග්කුක්ගෙ හුරතලේ නිසාම ටිකක් අඩු උනත් එයා නැවතුනේ නෑ. ඒ වෙද්දි ජන්ග්කුක් ජේන් දෙන්නා අනිත් අයගෙන් ගොඩක් ඈතට ඇවිත් තිබුණා. ඒත් ජේන්ගෙ ඇස් එකපාරටම රතු පාටින් දිලිසෙන්න ගනිද්දි එයාට මොකක් හරි අනතුරක සේයාවක් දැනුනු නිසා එයා ජන්ග්කුක්ගෙ අත තවත් තදකරගන්න ගමන් එහෙම්මම නැවතුණා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now