Chapter 1

3.1K 540 126
                                    

"ඔයාගෙ මේට්ව හම්බුණාම ඔයා මාව දාලා යනවද ටේ??" ටේහ්‍යුන්ග්ගෙ තුරුලට වෙලා ඒ උරහිසෙන් ඔලුව තියාගෙන හිටපු ජන්ග්හී අහද්දි ටේහ්‍යුන්ග් ඒ සියුමැලි අතක් එයාගෙ අත් අතරට හිරකරගත්තා.

"කවදාවත් නෑ ජන්ග්... අනික මට විශ්වාසයක් නෑ මට මේට් කෙනෙක් ඉන්නවා කියලා."

"ඒත් ටේ.. ඔයායි ඊළඟ නායකයා. ඔයාට ඔයාගෙ මේට්ව හොයාගන්න ඇල්ෆා දේහ්‍යුන් බල කරයි."

"හ්ම්ම්... ඒත් දැන් මට 25ක් ජන්ග්.. සුගා හ්‍යුන්ග්ට ජිමින්ව හම්බුණේ එයාට අවුරුදු 22දි. නම්ජුන් හ්‍යුන්ග්ට ජින් හ්‍යුන්ග්ව හම්බුණේ එයාට අවුරුදු 18දි. හෝසොක් හ්‍යුන්ග්ට ජීසුව හම්බුණේ එයාට අවුරුදු 20 දි. ගොඩක් අය අවුරුදු 18 පැනපු ගමන් එයාලගෙ මේට්ව හොයාගන්නවා. ඒත් අවුරුදු හතක් ගිහිනුත් මට තාම මගෙ මේට්ව හම්බුණේ නෑ."

"සමහරවිට එයා ඉන්නෙ අපේ පැක් එකේ නෙවේ වෙන්නැති. ඔයා දන්නවනෙ අවුරුදු 300ට කලින් උනු සිද්ධිය නිසා අපේ අය තැන් තැන් වලට විසිරුණා කියලා."

"හ්ම්ම් සමහරවිට එහෙම වෙන්න ඇති. අනික සඳ දේවතාවිය අපිව අතෑරල දැම්මට පස්සෙ ගොඩක් අයට එයාලගෙ මේට්ලා හම්බුණේ නෑලු. ඉතින් මටත් එහෙම වෙන්න ඇති."

"සඳ දේවතාවිය අපිව අතෑරලා දාලා නෑ ටේ.. මට විශ්වාසයි එයා අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙන් මේට් කෙනෙක් මවලා ඇති."

"දැන් මේ කතාව නවත්තමු ජන්ග්... මට මේට් කෙනෙක් ඕනෙ නෑ. මට ඔයා ඉන්නවනේ." ටේහ්‍යුන්ග් කිව්වෙ ජන්ග්හීගෙ හිස් මුදුන සියුම්ව සිපගෙන.

"ඒත්... මං නැති උනොත් ඔයා ඔයාගෙ මේට්ව හොයාගන්නවා කියලා පොරොන්දු වෙන්න."

"මොනවද මේ කියන්නෙ ජන්ග්... ඔයා කොහෙ යන්නද?"

"පොරොන්දු වෙන්නකො මට.."

"හ්ම්ම්.. මං පොරොන්දු වෙන්නම්. ඔයත් මට පොරොන්දු වෙන්න කවදාවත් මාව දාලා යන්නෙ නෑ කියලා."

"ම්ම්.. මං කවදාවත් මගෙ ටේව දාලා යන්නෙ නෑ.. මං පොරොන්දු වෙනවා." ජන්ග්හී එයාගෙ හිතේ හැඟීම් හංගගෙන ටේහ්‍යුන්ග්ට පොරොන්දු වුණා.

"ටේහ්‍යුන්ග්... ඇල්ෆා දේහ්‍යුන් ඔයාට කතාකරා." එතෙන්ට දුවගෙන ආපු ජින් කියද්දි ටේහ්‍යුන්ග් ජන්ග්හිගෙන් ඈත්වෙලා ජින් දිහා බැලුවා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now