Chapter 18

2.7K 486 246
                                    

"ජින් හ්‍යුන්ග්?? මොකද මේ කලබලෙන්??" ටේහ්‍යුන්ග් ඇහුවෙ කලබලෙන් වගේ දුවගෙන ආපු ජින් ළඟට ඉක්මනට ළංවෙන ගමන්.

"අනේ ටේ.. කුකී බබා නෑනෙ.. "

"කුකී බබා නෑ කිව්වෙ? මොකද්ද උනේ?" ටේහ්‍යුන්ග්ගෙ හදගැස්ම වැඩිවෙන්න තත්පරයක්වත් ගියෙ නෑ.

"මං කුකී බබාව දැන් පැය බාගෙක ඉඳන් හොයන්නෙ.. එ..එයා මේ කොහෙවත් නෑ. මට කිව්වෙ woonie එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා. ඒත්.. ඒත් මට woonie ගෙ සුවඳ වත් කුකී බබාගෙ සුවඳ වත් දැනෙන්නේ නෑ." ජින් කඳුලු පුරවගෙන උනු දේ කිව්වම ටේහ්‍යුන්ග්නුත් ජන්ග්කුක්ගෙ සුවඳ එනවද කියලා ඉවකරා. ජින් කියපු විදිහටම ජන්ග්කුක්ගෙ සුවඳ ටේහ්‍යුන්ග්ට දැනුනෙ නෑ. True blood alpha කෙනෙක් උනු ටේහ්‍යුන්ග්ටත් ජන්ග්කුක්ගෙ ඉව දැනෙන්නේ නෑ කියන්නෙ අනිවාර්යයෙන්ම ජන්ග්කුක් ඉන්නෙ මේ ළඟක නම් නෙවෙයි.

"ජින් හ්‍යුන්ග්.. කෝකටත් අපි ජිමින්ගෙ ගෙදරට ගිහින් බලමු. සමහරවිට දෙන්නා කොහෙද කියලා ජිමින් දන්නවා ඇති."

"යමු.. මං ජුනීටත් කියන්නම් ජිමින්ගෙ ගෙදරට එන්න කියලා." ජින් එහෙම කියලා නම්ජුන්ට mindlink කරා. ටේහ්‍යුන්ග් ඉක්මනට එයාගෙ කාර් එක start කරලා පාරට දාලා ජින්වත් කාර් එකට දාගෙන උපරිම වේගෙන් ජිමින්ගෙ ගෙදරට කාර් එක අරන් ගියා.

"ජිමින්.. ජිමින්.. ජිමිනා.. මං ජින්.. ඔයා ගෙදර ඉන්නවද?" ගෙදර දොර වහලා තිබුණු නිසා ජින් දොරට ගගහා කෑගැහුවත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නම් නෑ.

"වැඩක් නෑ ජින් හ්‍යුන්ග්.. ජිමින් මේ ළඟක නෑ.. ශිට්!" ටේහ්‍යුන්ග් එයාගෙ අත මිටි මොලවලා බිත්තියට තදින් පාරක් ගැහුවා. ඒත් එක්කම එයාට නම්ජුන්ගෙයි යුන්ගිගෙයි දෙන්නගෙම ඉව දැනුනා.

මොහොතකින් යුන්ගිගෙ බයික් එක වේගෙන් ඇවිත් එයාලා ළඟින් නතර වුණා.

"ජිනී.. මොකද්ද උනේ?" නම්ජුන් බයික් එකෙන් බහින ගමන්ම අහද්දි ජින් අඬාගෙන ගිහින් නම්ජුන්ගෙ පපුවට තුරුල් වුණා.

"ශ්ශ්.. මාව බය නොකර මොකද උනේ කියන්නකො?" නම්ජුන් ජින්ගෙ පිට අතගාන ගමන් එහෙම කියලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. නම්ජුන්ගෙ බැල්ම තේරුම් ගත්තු ටේහ්‍යුන්ග් වෙලා තියෙන දේ කියන්න තීරණය කරා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now