Chapter 16

2.8K 487 319
                                    

ටේහ්‍යුන්ග් හිමීට ඇවිත් ජන්ග්කුක්ගෙ ඇඳ ළඟින් ඉඳගෙන ඒ පුංචි අතක් එයාගෙ අත් අතරට හිරකරගත්තා. ඒ වෙද්දි ප්‍රතිකාර වල බලපෑමත් එක්ක ජන්ග්කුක් ආයෙමත් එයාගෙ මනුස්ස ස්වරූපයට හැරිලා හිටියෙ. ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ සේලයින් එක ගහලා තියෙන අත එයාගෙ අතකට හිරකරන් අනෙක් අතේ ඇඟිලි තුඩු වලින් ජන්ග්කුක්ගෙ අතේ රවුමට තියෙන පිළිස්සුම් තුවාලෙ වටේට අතගෑවා. සාමාන්‍යයෙන් werewolf ලගෙ තුවාල ඉක්මනින් සුව වෙනවා. ඒත් burner එකකින් පුච්චපු නිසා තුවාලෙ සුවවෙලා තිබුණත් ඒ කැළල ජන්ග්කුක්ගෙ අතේ කළු පාටින් ඉතුරු වෙලා තිබුණා. ටේහ්‍යුන්ග්ගෙ අතැඟිලි කවදාවත් නැතුව වෙව්ලන්න ගනිද්දී ආයෙමත් ඒ ඇස් වලින් බර කඳුලක් නිදාගෙන ඉන්න ජන්ග්කුක්ගෙ සියුමැලි අතකට වැටුණා.

"මැණික ඇස් අරින්න පැටියෝ.. හබී අජුශ්ශිට සමාව දෙනවා නේද මගෙ පැටියා? හබී අජුශ්ශිව බේරගන්න ගිහින් මගෙ මැණිකගෙ අතේ ආයෙමත් කවදාවත් නොමැකෙන විදිහෙ කළු පැල්ලමක් ඉතුරු වෙලා.. මට සමාව දෙන්න මැණික. මට සමාවෙන්න. ප්ලීස් කුකී බබා.. මාව දාලා යන්න එපා මැණික. මට තවත් නම් මේක දරාගන්න බැරිවෙයි. ප්ලීස්.. ඉක්මනින් හොඳ වෙලා මං ළඟට එන්න. මං බලාගෙන ඉන්නවා මැණික. ඔයා හොඳ වෙලා ආවම අපි... අපි ඉක්මනට බඳිමු.. බැඳලා බබාලා ගොඩක් හදමු.... නෑ එක්කොත්.. මගෙ බබා ලොකු වෙනකම් අපි ටිකක් කල් ඉමු. ඊටපස්සෙ අපි ඔයා වගේම හුරතල් බෝල පැටව් ටිකක් හදමු. මැණික මාව දාලා යන්නෙ නෑ නේද?? හබී අජුශ්ශි ළඟට ඉක්මනට එනවා නේද??" ජන්ග්කුක්ගෙ අත අල්ලගෙන ටේහ්‍යුන්ග් ඔහේ කියෙව්වා. ඒ ඇස් වලින් කඳුලු කඩාගෙන වැටෙද්දි ටේහ්‍යුන්ග් එයාගෙ හිතේ බර අඩුවෙනකම්ම ජන්ග්කුක් එක්ක කතාකරා. ඒ එකක්වත් එයා සිහියෙන් කියවපු දේවල් නෙවෙයි. වේදනාව අකුරු වෙලා පිටවෙද්දි ටේහ්‍යුන්ග් ඔහේ ජන්ග්කුක් එක්ක කියවපු එකයි කරේ.

හිත ටිකක් විතර සැහැල්ලු උනාට පස්සෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ අත පරිස්සමෙන් රෝහල් ඇඳ උඩින් තියලා පාත්වෙලා ඒ නළලත සිපගෙන ආපහු එන්න හැරුණා.

ටේහ්‍යුන්ග් එළියට එද්දි කට්ටියම එළියට වෙලා බලාගෙන ඉන්නවා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now