Chapter 15

2.7K 484 278
                                    

Eunwoo ජන්ග්කුක්ව අල්ලගන්නවත් එක්කම ටේහ්‍යුන්ග් වේදනාවෙන් කෙඳිරි ගෑවෙ එයාගෙ ඉන හරියෙන් දැනුනු වේදනාව නිසා.

එතැන් පටන් අධිබලැති වෝල්ට් ධාරාවන් ටේහ්‍යුන්ග්ගෙ මුළු සිරුර පුරාම විහිදෙන්න ගත්තෙ එයාව අල්ලගෙන හිටපු මිනිස්සු Volt stun baton එකක් ටේහ්‍යුන්ග්ගෙ ඇඟට තදකරපු නිසා. 100 000 V ක ධාරාවක් සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න කොහෙත්ම බැරි උනත් werewolf කෙනෙක් උනු ටේහ්‍යුන්ග්ට අමාරුවෙන් උනත් එය දරාගන්න හැකිවුණා.

ටේහ්‍යුන්ග්ගෙ වේදනාව නිසා එතන හිටපු පාසල් සිසුන් සියලුදෙනාම පාහේ නොසන්සුන් වෙන්න ගනිද්දි eunwoo ගෙ ග්‍රහණයෙන් මිදුණු ජන්ග්කුක් කෑගගහා ටේහ්‍යුන්ග් ළඟට ළංවෙන්න දැඟලුවත් ආයෙමත් එයාව හැඩිදැඩි මිනිසුන් දෙදෙනෙකුගේ දෑත් අතරට හිරවුණා.

"ආආආආ මට යන්න දෙනවා.... හබී අජුශ්ශී!!"

තවදුරටත් ජන්ග්කුක්ගෙ කෑගැහිල්ල ඉවසගන්න බැරිවුණු ටේහ්‍යුන්ග් අමාරුවෙන් උනත් calm pheromones නිදහස් කරේ ජන්ග්කුක් වගේම අනිත් අයවත් සන්සුන් කිරීමේ අරමුණින්. ඒත් එක්කම ටේහ්‍යුන්ග්ට දැනුනා නම්ජුන් එයත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා.

"ටේ, අපි ළඟ ඉන්නෙ. අපිට ඔයාගෙ ඉව දැනෙනවා. ඔතන තත්ත්වය කොහොමද?"

"මෙතන මිනිස්සු 30ක් විතර ඉන්නවා. ඔක්කොම අතේ ආයුධ තියෙයි. උන් ළමයි ටික වට කරගෙන ඉන්නෙ. ජීවූන් තමයි තව එකෙක් එක්ක එකතුවෙලා මේක මෙහෙයවන්නෙ. මෙතන ඉන්න එකම වෘකයා ජීවූන් විතරයි. මගෙ pheromones නිසා මිනිහට ඔයාලගෙ ඉව දැනෙන එකක් නැතිවෙයි." ටේහ්‍යුන්ග් එහෙම කියලා එයාගෙ pheromones වල සැර තවත් වැඩිකරා. True blood alpha කෙනෙක් උනු ටේහ්‍යුන්ග්ගෙ පෙරමෝන වල සැර werewolf ලා හැමෝගෙම වගේ මනස අවුල් කරලා අසාමාන්‍ය සන්සුන් බවක් රැගෙන එද්දි ඒකෙන් ප්‍රයෝජන ගත්තු නම්ජුන් ඇතුළු කණ්ඩායම ජීවූන්ගෙ පිරිස කරා සෙමෙන් සෙමෙන් ඇදුනා.

මිනිසුන්ගේ සංවේදි ඉන්ද්‍රියන් werewolf ලට වඩා බොහෝ සෙයින් දුර්වල වූ නිසාවෙන් ඉන් ප්‍රයෝජන ගත් නම්ජුන් ඇතුළු කණ්ඩායම නිහඬවම ජීවූන්ගෙ පිරිස වට කර සිටියා. ටේහ්‍යුන්ග්ගෙ තීක්ෂණ දෑස් නම්ජුන් හා ගැටෙත්ම නිහඬවම සංඥා කරගත් ඔවුන් එක්වරම සිසුන් වටකර සිටි ජීවූන්ගේ පිරිසට පහර දීමට පටන් ගත්තා. ඒත් සමඟින් ටේහ්‍යුන්ග් ඔහුවටා සිටි මිනිසුන් සිව්දෙනාම ඉවතට විසිවෙන සේ තල්ලු කර ඔවුන් හට දරුණු ලෙසින් පහර දීමට පටන් ගත්තා. වැඩි කාලයක් නොයාමා අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ ජීවූන්ගේ පිරිස එන්න එන්නම දුර්වල වීමට පටන් ගත්තා. ටේහ්‍යුන්ග්ගෙ රක්ත වර්ණ දෑස් රුධිරය පමණක්ම දකිද්දී werewolf hunters කණ්ඩායමේ බොහෝදෙනෙක් මරු තුරුලට ගොස් සිටියා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now