Chapter 7

2.6K 493 208
                                    

චාරිත්‍ර ඒ ලෙසින් අවසන් වෙද්දි ජන්ග්කුක් හැදුවෙ එතනින් දුවලා ගිහින් ජින්ගෙ ඇඟට පනින්න. ඒත් ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ උරහිස වටේට අතදාලා එයාව නවත්ත ගත්තා.

"ඇයී.."

"තව ටිකවෙලාවක් ඔයාට මං එක්ක ඉන්න වෙනවා.."

"හුම්.. ඒකනෙවෙයි හබී අජුශ්ශි, මේක ලුකුයිනේ.. ඒක වැටෙනවා." ජන්ග්කුක් එයාගෙ ඇඟිල්ලට වඩා ටිකක් ලොකු මුද්ද ටේහ්‍යුන්ග්ට පෙන්නලා කියද්දි ටේහ්‍යුන්ග් එයාගෙ කරේ තිබ්බ මාලෙ ගලවලා අරන් ජන්ග්කුක්ගෙ මුද්ද ඒකට දාලා හැමෝම ඉස්සරහ ඒ මාලෙ ජන්ග්කුක්ගෙ කරේ බැන්ඳා.

"ඔන්න දැන් හරිනෙ.. මේ මාලෙ හැමදාම දාගෙන ඉන්න ඕනෙ හොඳද?"

"හලී.." ජන්ග්කුක් ඔලුව වනලා ටේහ්‍යුන්ග්ගෙ අතේ එල්ලුනා. ටේහ්‍යුන්ග් හිනාවෙලා ඒ පුංචි අත එයාගෙ අතට තද කරගත්තා.

"ඇල්ෆා දේහ්‍යුන්ගෙන් වගේම පැක් එකේ ඉන්න සියලුදෙනාගෙන්ම අවසරයි. ඔයාලගෙ අළුත් ඇල්ෆා විදිහට මම, කිම් ටේහ්‍යුන්ග් ඔයාලා හැමෝගෙම වගකීම අද දින භාරගන්නවා. ඒ වගේම ඇල්ෆා විදිහට පැක් එකේ ආරක්ෂාව වගේම නායකයෙකුගෙන් වියයුතු සියලුම වගකීම් සහ යුතුකම් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න මං පොරොන්දු වෙනවා. ඒ සඳහා ඔයාලගෙ පැත්තෙන් ලැබිය යුතු සහයෝගයත් මං බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ඉන්නෙ මගෙ මේට්, ඔයාලගෙ ලූනා." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව එයාට ළංකරගන්න ගමන් කියද්දි ජන්ග්කුක් එයාගෙ හුරතල් බනී හිනාවෙන් හැමෝම දිහා බලලා අත වැනුවා.

"එයා තාමත් ඉන්නෙ වගකීමක් දරන්න පුළුවන්කමක් නැති පුංචි වයසක. ඒ නිසා ඔයාලා හැමෝම එයා වගකීමක් දරන්න පුළුවන් වයසකට එනකම් ලූනාට උපරිම සහයෝගයක් දෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජන්ග්කුක් කියන්නෙ මිනිස් දරුවෙක් නිසා එයා දුර්වලයි කියලා ඔයාලා හිතන්න පුළුවන්. ඒත් ඔයාලා නොදන්නවා උනාට ජන්ග්කුක් කියන්නෙ රැජිනියගෙ මුදුවෙ හිමිකාරයා. ඒ නිසා ජන්ග්කුක් කියන්නෙ සාමාන්‍ය මිනිස් දරුවෙක් නෙවෙයි. සැකයක් තියෙයි නම් ඔයාලට පුළුවන් පැක් එකේ පුස්තකාලයෙන් පුරාණ ග්‍රන්ථය අරන් බලන්න. ඒකෙ රැජිනියගෙ මුදුවෙ වගේම රජුගෙ මුදුවෙ සිතුවමක් තියෙනවා. අවුරුදු තුන්සියයකට පසුව රැජිනියගෙ මුදුවේ සහ රජුගෙ මුදුවේ නැවත එකතුවීම සඳ දේවතාවියගෙ අභිමතය පරිදි උනු දෙයක්. ඒ නිසා අපි ඉවසීමෙන් බලන් ඉමු. සඳ දේවතාවිය අපිට උදව් කරයි."

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now