Chapter 6

2.5K 502 104
                                    

"අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අප්පා.." නම්ජුන්ගෙ අතේ එල්ලිලා ඉස්සරහට ඇවිදගෙන යන ගමන් හිටපු ජන්ග්කුක් නම්ජුන්ගෙ අතින් අදින ගමන් රහසින් කතාකරා.

"ශ්ශ්.. කුකී බබා. මේ වෙලාවෙ කතා කරන්න හොඳ නෑ." නම්ජුන් හිමීට කියද්දි ජන්ග්කුක්ගෙ තොල් උල් වුණා.

"ඒත් අප්පා.. අල ඉන්නෙ කවුද කීලා කුකී බබා අහන්න හැදුවෙ." ජන්ග්කුක් අත දික්කරලා එයා එනකම් බලන් ඉන්න ටේහ්‍යුන්ග්ව පෙන්නලා අහද්දි නම්ජුන්ගෙ තොල් අග සිනහවක් මතුවුණා.

"බබාට මොකටද ඒක.. කුකී එයාට කැමතියිද?"

"නෑ නෑ... මං ඒ අජුශ්ශිව දැකලම නෑනෙ.." ජන්ග්කුක් කියද්දි නම්ජුන් හිතින් එයාටම ටොක්කක් ඇන ගත්තා. ජන්ග්කුක් තාම පොඩි එකෙක්.. එයා මොනවද හිතුවෙ ඒ?

"ඒ තමයි ඔයාගෙ හබී හ්‍යුන්ගි."

"ඒත් ඒ අජුශ්ශි ලුකුයිනෙ.. හ්‍යුල්ගි කීන්නෙ පොඩි අයටනෙ.."

"හරි හරි.. එහෙනම් ඔයා කැමති විදිහකට එයාට කතා කරන්නකො. දැන් ඔය අත වනන එක නවත්තලා ඉක්මනට යමු." ජන්ග්කුක්  නම්ජුන්ගෙ අතේ එල්ලිලා ඉදිරියට පියමනින ගමන් දෙපැත්තට වෙලා බලන් ඉන්න අයට අත වන වනා තමයි ගියෙ. ඒ අය එයා එන දිහා බලන් ඉන්න නිසා ජන්ග්කුක්ට මේ වැඩේ හරි ජොලි.

ජන්ග්කුක්ගෙ හුරතලේ නිසාම හැමෝගෙම ඇස් තිබුණෙ එයා ළඟ. ඒත් තාමත් පුංචි වයසක ඉන්න මිනිස් දරුවෙක් එයාලගෙ ලූනා වෙන එකට නම් පැක් එකේ ගොඩක් අයගෙ හිත් වල ලොකු දෙගිඩියාවක් තිබ්බා. එයාලා බලාපොරොත්තු උනේ ශක්තිමත් ලූනා කෙනෙක්. ඒත්, ජන්ග්කුක්... එයා ඇත්තටම ගොඩක් දුර්වලයි.

එයා දිහාට ඇවිදගෙන එන පුංචි සුරංගනා කුමාරයා දිහා ටේහ්‍යුන්ග් බලන් හිටියෙ වශී වෙලා වගේ. එහාට මෙහාට දඟල දඟල නම්ජුන් එක්ක රහසින් මොනවදෝ කියවන ගමන් එන පොඩි එකා ඇත්තටම හුරතල් බෝලයක් කියලා ටේහ්‍යුන්ග්ට හිතුනා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now