Chapter 17

2.8K 501 224
                                    

"හ..බී අජුශ්ශි.." ටේහ්‍යුන්ග් ගැස්සිලා නැගිට්ටෙ හීනෙන් වගේ ඇහුණු සිහින් කටහඬට. ඒ ගෙවිලා යන්නෙ ජන්ග්කුක් සිහි නැතිව රෝහල් ඇඳක් උඩ ගතකරන දෙවෙනි දවස වෙද්දි ටේහ්‍යුන්ග් හිටියෙ පිස්සුවෙන් වගේ. කොච්චර දරුණු තුවාලයක් උනත් werewolf කෙනෙක් සුව වෙන්න සාමාන්‍යයෙන් යන්නෙ පැය ගානක්. ඒත් දවස් දෙකක් ගිහිනුත් ජන්ග්කුක්ට තාමත් සිහිය නෑ. Wolfsbane වල විස ගොඩක් භයානකයි.. ඒ වගේම ජන්ග්කුක් ඔමේගා කෙනෙක් වීමත් සුවවීමේ වේගය අඩු වීමට හේතුව වෙන්නැති.

ඒ දවස් දෙකම ටේහ්‍යුන්ග් ගතකරේ හොස්පිටල් එකේ. හරිහමන් කෑමක් බීමක්, නින්දක් නැතුව ටේහ්‍යුන්ග් බලන් හිටියා එයාගෙ Angel baby ඇස් ඇරලා එයාට හබී අජුශ්ශි කියලා කතා කරනකම්. ජින් කියපු විදිහට දැන් නම් ජන්ග්කුක්ගෙ ඇඟේ තියෙන විෂ සම්පූර්ණයෙන්ම වගේ ඉවත්වෙලා ගිහින්. ඒ නිසා කොයි මොහොතක හරි ජන්ග්කුක් අවදිවෙයි කියලා තමයි ජින්ගෙ නිගමනය උනේ. ඉතින් අද ටේහ්‍යුන්ග්, ජින්, නම්ජුන් වගේම අනිත් හැමෝමත් බලන් හිටපු ඒ ලස්සන මොහොත උදාවෙලා. ඒ දිලිසෙන නිල් පාට බෝල ඇස් මලානික උනත් ඒ මූණෙ සුපුරුදු බනී හිනාව ඇඳිලා තිබුණා.

"කුකී බබා.. Oh god baby.. ඔයා නැඟිටලා.. thank you.. thank you.. thank you soo much baby මං වෙනුවෙන් ශක්තිමත්ව හැමදේම දරාගත්තට." ටේහ්‍යුන්ග් වෙව්ලන කටහඬකින් එහෙම කියන ගමන් ජන්ග්කුක්ගෙ මුළු මූණම සියුම් හාදු වලින් නෑව්වා. ඒ රෝස තොල් ඇරෙන්න ඒ හුරුබුහුටි මූණෙ හැම අඟලක්ම ටේහ්‍යුන්ග්ගෙ තොල් වල පහස ලැබුවා.

ටේහ්‍යුන්ග් තොල් ජන්ග්කුක්ගෙ නහයෙ ගෑවෙද්දි පොඩ්ඩා නහය රැලි කරගෙන එහාට මෙහාට ඇඹරෙන්න ගත්තා.

"ඇතී ඔය... කුකී බබාට කිතී.." ජන්ග්කුක්ගෙ කටහඬට තමයි ටේහ්‍යුන්ග් එයාගෙන් ඈත් උනේ.

"කුකී බබා..??" ටේහ්‍යුන්ග් ආයෙමත් ජන්ග්කුක්ගෙ ඇඳ ළඟ තිබුණු පුටුවෙන් ඉඳගෙන බැරෑරුම් ගැඹුරු කටහඬකින් කතා කරද්දි ජන්ග්කුක් එයාගෙ බෝල ඇස් ටේහ්‍යුන්ග් දිහාට හැරෙව්වෙ කුතුහලයෙන්.

"හබී අජුශ්ශි නිසා ඔයාගෙ අතේ..." ටේහ්‍යුන්ග් එහෙම කියලා ජන්ග්කුක්ගෙ දකුණු අත එයාගෙ අත් අතරට අරන් ජන්ග්කුක්ගෙ අතේ තියෙන කැළල දිගේ හිමීට මාපට ඇඟිල්ල අරන් ගියා. ජන්ග්කුක් ඒ වෙලේ තමයි දැක්කෙ ඒ කැළල. ඒත් එක්කම ජන්ග්කුක්ට මතක් උනා එයාට සිහි නැතිවෙන්න කලින් උනු හැමදේම. 

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now