Chapter 20

2.7K 485 313
                                    

අන්තිමට හැමෝම බලාගෙන හිටපු ඒ ලස්සන දවස උදාවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අන්තිමට හැමෝම බලාගෙන හිටපු ඒ ලස්සන දවස උදාවුණා. අද ටේහ්‍යුන්ග්ගෙයි ජන්ග්කුක්ගෙයි විවාහය ඇත්තටම සිද්ධ වෙනවා. ඒ වගේම අද ජන්ග්කුක්ගෙ දාසයවෙනි උපන්දිනේ දවස. ටේහ්‍යුන්ග්ට ඒ වෙද්දි අවුරුදු 29ට කිට්ටුයි. අවුරුදු දහතුනක පරතරයක් තිබුණත් සඳ දේවතාවියගේ අභිමතය පරිදි ලියැවුණු ඒ බැඳීම ඇත්තටම පිරිසිදු ආදරණීය බැඳීමක් වුණා.

ටේහ්‍යුන්ග් බලන් හිටියා මීට අවුරුදු හතරකට කලින් වගේම අදත් නම්ජුන්ගෙ අතේ එල්ලිලා ඉදිරියට පිය මනින තනි සුදු පාටින් සැරසුණු සුරංගනා කුමාරයා දිහා. වෙනසකට කියලා තිබුණෙ එදා හිටපු පුංචි හුරතලේ අද ඊටවඩා ටිකක් වයසින් වගේම සිරුරෙන් වැඩිලා තිබීමත් එදා හුරතලෙන් හැමෝටම අත වන වනා එයා ළඟට ඇවිදගෙන ආපු දඟ බෝලෙ අද ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන ඇවිදගෙන එන එකත් විතරයි.

චාරිත්‍ර සුපුරුදු පරිදි ඉටුවෙද්දි ජන්ග්කුක්ගෙ හුරුබුහුටි අතැඟිල්ලක් ටේහ්‍යුන්ග් පැළඳූ මුදු වලින් සැරසෙද්දි ටේහ්‍යුන්ග්ගෙ සිහින් දිගු අතැඟිල්ලක ජන්ග්කුක් පැළඳූ මුදු රැඳවුණා. ඉතින් ඒ අයුරින් ආශිර්වාද ශ්ලෝක මධ්‍යයේ පැක් එකේ හැමෝම ඉස්සරහ දෙවෙනි වතාවටත් ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව විවාහ කරගත්තා.

Iron man ගෙන් හැඩවෙලා තිබුණු ජන්ග්කුක්ගෙ උපන්දින කේක් එක ජන්ග්කුක් අතින් කැපුවට පස්සෙ හැමෝම පාටි එක enjoy කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් eunwoo එක්ක නට නටා හිටපු ජන්ග්කුක්ට තාමත් මේ කිසිම දෙයක බරක් පතලක් හරියට තේරිලා තිබුණෙ නෑ. එයා තාමත් හිතන් ඉන්නෙ එච්චර ලොකු උත්සවයක් තියෙන්නෙ එයාගෙ උපන්දිනේ සමරන්න කියලා. විවාහය කියන බැඳීම ගැන ලොකු අවබෝධයක් එයාට තිබුණෙ නෑ. හැබැයි ටේහ්‍යුන්ග්ව මැරි කරන්න එයාගෙ අකමැත්තක් තිබුණෙත් නෑ. එයා ටේහ්‍යුන්ග්ගෙ උනේ ගොඩක් කැමැත්තෙන්.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now