Chapter 31

2.7K 482 235
                                    

"මිනිස් ඉවක්.." වෙරළාරක්ෂිත සෙබලා කෑගැසීමට තැත් කරත් ඔහු එතැනම බිම ඇදගෙන වැටුනේ ඔහුගෙ පිට පසාරු කරගෙන ගිය රිදී උණ්ඩයක් නිසාවෙන්.

සිය සගයාගේ කෑගැසීම ඇසුනු අනෙකුත් සෙබලු ඔහුගේ සහය සඳහා දිව ආවත් ඔවුන් ආවාටත් වඩා වැඩි වේගයකින් බිම ඇදගෙන වැටුනේ ඔවුන්ගේ දූපත වෙත ළඟා වෙමින් තිබුණු නෞකාවකින් නිකුත් උනු වෙඩි වරුසාවකට හසුවීම හේතුවෙන්. රිදී උණ්ඩ නිසාවෙන් ඔවුන් සුව නොවන බැවින් ඔවුන්ට යලිදු සටන් කිරීමට තරම් ශක්තියක් නොමැති වුණා. නමුත් වෙඩි උණ්ඩ දරාගෙන පවා ඔවුන් සටන් කිරීමට උත්සාහ කරා. කෙසේවෙතත් ඔවුන් හට සටන් කිරීමට තරම් පිරිසක් නොවූ නිසාවෙන් එක් සෙබලෙක් ඔවුන්ට ලබාදුන් උපදෙස් පරිදි හැකි උපරිම වේගයෙන් එතනින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක සැඟවුණා. සැඟවුණු වහාම ඔහු යුන්ගි හට දුරකථන ඇමතුමක් ලබාදුන්නා.

"යොන්ජේ?? මොකද උනේ?" වේගයෙන්  හුස්ම ගනිමින් ඉන්න සෙබලාගෙ කලබලකාරී බව දැනුනු යුන්ගිත් කලබලයෙන්ම විමසා සිටියා.

"මිනිස්සු.. උන් අපිට පහර දෙනවා.. රිදී උණ්ඩ වලින්.. ලොකු නැවක් ආවෙ.." සෙබලා හති දාමින් කියා සිටිද්දී  යුන්ගිගෙ දෑස් විශාල වී ගියා. යුන්ගිගෙ වෙනස වැටහුණු හෝසොක් සහ නම්ජුනුත් ඔහු අසලට ළංවුණා.

"නැවක්?? මිනිස්සු කීයක් විතරද?"

"හරියටම කියන්න බෑ.. හැබැයි මිනිස්සු දාහකට වඩා එතන ඉන්නවා ජෙනරල්.. ඒක ශුවර්."

ඒත් එක්කම යුන්ගි සිය සවන් වෙතින් දුරකථනය ඉවතට ගත්තේ කන අසලින්ම වගේ ඇසුණු වෙඩි ශබ්දය නිසාවෙන්.

"යො..යොන්ජේ??" යුන්ගි බලාපොරොත්තු සහගතව කතා කරත් ඊළඟ මොහොතේදී ඇමතුම විසන්ධි වී ගියා.

"හෙලෝ.. යොන්ජේ? හෙලෝ හෙලෝ.."

"යුන්ගි.. මොකද්ද ප්‍රශ්නෙ බන්?" නම්ජුන් යුන්ගිගෙ උරහිසකින් අත තියලා ඔහුගේ අවධානය ලබා ගැනීමට තැත් කරා.

"හදිසි ප්‍රහාරයක්.. මිනිස්සු අපිට පහර දෙනවලු.. දාහකට වඩා ඉන්නවා කියලා කිව්වෙ.. ඔක්කොම රිදී උණ්ඩලු.. " යුන්ගි කලබලයෙන් කියද්දි නම්ජුන් ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් උඩට ගත්තා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now