Chapter 29

2.8K 475 278
                                    

රාත්‍රියේ අන්ධකාරය දසතම පැතිර යද්දි ඒ අඳුර දුරලමින් සඳ දෙව්දුව අහස් කුස සරසා සිටියේ ඈ වටා සුදිලෙන පුංචි පුංචි තාරකා ඇගේ තනිය මකා දමද්දී. Car battery charger එක පාවිච්චි කරලා ටේහ්‍යුන්ග් කූඩාරම ඇතුල ලස්සන බල්බ් වැල් වලින් සරසලා තිබුණු නිසා එයාලා වටේට ලොකු ආලෝකයක් තිබුණා. ඒ වගේම දිදුලන පුංචි බල්බ් වල සෞම්‍ය ආලෝකය පරිසරයට එක්කලේ සුන්දර දර්ශනයක්.

"කුකී බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කුකී බබා.. හබී අජුශ්ශි වෙනුවෙන් සිංදුවක් කියන්නකෝ." එළියෙ තිබුණු ගිනිමැළය ළඟට වෙලා රාත්‍රියේ සුන්දරත්වය විඳිමින් හිටපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙන් ඇහුවම ටේහ්‍යුන්ග්ගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන හිටපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ පපුවට කොන්ද තියලා හේත්තු වුණා. ටේහ්‍යුන්ග්ගෙ අත් ජන්ග්කුක්ගෙ ඉන වටේට එතිලා ගිහින් ඒ බඩ උඩින් රැඳවිලා තියෙද්දි ඒ පුංචි අතකට ටේහ්‍යුන්ග්ගෙ ලොකු අතක් හිරවෙලා තිබුණා.

"හබී අජුශ්ශි කැමති සිංදුවක් කියන්නකෝ.. කුකී බබා කියන්නම්."

"මං වැඩිය සින්දු ගැන දන්නෙ නෑනෙ බං.. අහ් ටිකක් ඉන්න.. අර සිංදුව.. ආයිශ් නම මොකද්ද ඒකෙ?? අහ් හරි.. dear no one song එක.. ඒක කියන්නකෝ.."

"කුකී බබාට ඒ සිංදුව ඔක්කොම මතක නෑනෙ.."

"කමක්නෑ.. මතක ටික කියන්නකෝ. මට ආසයි ඒ සින්දුව ඔයාගෙ කටහඬින් අහන්න."

ටේහ්‍යුන්ග්ගෙ පෙරැත්තය හමුවේ ජන්ග්කුක්ගෙ සියුම් මියුරු හඬ නිහඬ පරිසරය පුරා විහිදෙන්න ගත්තා. එකිනෙක මත හැපෙමින් විත් වෙරළෙහි වදින රළෙහි හඬ ඒ ගායනයට සංගීතය සපයද්දී නිවි නිවී දැල්වෙන කණාමැදිරියන් නර්තනය සැපයූවා. ජන්ග්කුක්ගෙ උරහිස මතින් නිකට තියාගෙන ඔහුව සිය දෑත් අතරට තදකරගත් ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ සුමිහිරි ගායනයට සමවැදී සිටියා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now