Prologue

3.4K 519 65
                                    

වසර තුන්සියයකට පෙර මේ මිහිතලය මත මනුශ්‍යය වර්ගයාගෙන් සැඟවී ගිය වෘක රාජධානියක් තිබුණා. නමුත් මොවුන් මිනිසුන් දැනසිටි සාමාන්‍යය වෘකයන් නම් නොවෙයි. ඔවුන් අර්ධ වෘකයන්.. අරුත, ඔවුන් හට වෘක ස්වරූපයක් මෙන්ම මිනිස් ස්වරූපයකුත් තිබුණා. ඉතින් සාමාන්‍යය වෘකයන්ට හෝ මනුශ්‍යයන්ට වඩා ඔවුන් බෙහෙවින් ශක්තිමත් වූවා. සඳ දේවතාවිය ඇදහූ ඔවුන් ඔවුන්ව සුරකින්නෙ ඇය බව තදින් විශ්වාස කල ජීවින් කොට්ඨාසයක්. ඇල්ෆා, බීටා සහ ඔමේගා යන පන්තීන්ගෙන් සමන්විත වුණු මොවුන්ගෙන් වඩාත් බලවත් උනේ රක්ත වර්ණ ඇස් ඇති ඇල්ෆා වෘකයින්. දෙවෙනියට කහ හෝ ලා දුඹුරු පැහැ දෑස් ඇති බීටා වෘකයන් වෙද්දි නිල් දෑස් හිමි ඔමේගා වෘකයින් රැලේ සිටි දුර්වලම වෘකයන් වුණා.
ඔවුන් හට සඳ දේවතාවිය විසින් ලබාදෙන සහකරුවෙක් සිටියා. ඔවුන්ගේ සහකරු මිස වෙනත් කිසිදු අයෙක් ඔවුන් බලාපොරොත්තු උනේ නෑ. දහ අට විය ඉක්මවූ ඕනෙම අයෙකුට සිය සහකරුට ආවේණික වූ සුවඳින් ඔහුව හෝ ඇයව හඳුනාගත හැකිවුණා.
ඇල්ෆාවන් දෙදෙනෙකු සහකරුවන් වීමේ සම්භාවිතාවය ඉතාමත් අඩු උනේ ඔවුන් හට ස්වභාවයෙන්ම නොනැමෙන සුළු දරදඬු ස්වභාවයක් හිමිවූ නිසාවෙන්. කෙසේවෙතත් කලාතුරකින් හෝ ඇල්ෆාවරුන් දෙදෙනෙකු සහකරුවන් වී ඔවුන්ගේ දරුවෙකු ඇල්ෆා කෙනෙක් වුවහොත් ඔහු ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් නොවේනම් ඉතාමත් බලවත් ඇල්ෆා කෙනෙක් වෙනවා. එසේම පිරිමි ඇල්ෆා කෙනෙක් පිරිමි ඔමේගා කෙනෙක් සමඟ එක්වී පිරිමි ඇල්ෆා දරුවෙක් බිහිවුවහොත් ඔහුත් ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් ලෙස හැඳින්වෙනවා. නමුත් ඇල්ෆාවරුන් දෙදෙනෙකු සහකරුවන් වීමටත් වඩා ඒ කාරණාව ඉතාමත් දුලබ වුණා. මන්ද ඉතාමත් කලාතුරකින් තමයි පිරිමි වෘකයන් දෙදෙනෙකු සහකරුවන් වෙන්නෙ. එය එසේ වුවත් පිරිමි ඔමේගා කෙනෙක් බිහිවීම සිදුවන්නේ වසර සිය ගණනකට සැරයක් වුණා.

රාජකීය ලෙය ඇති ඇල්ෆා කෙනෙක් ඔවුන්ගේ රාජධානියේ පාලකයා ලෙසින් පත්වෙද්දී, පැසිෆික් සාගරයේ තිබූ එක් කුඩා දූපතක පැතිර තිබුණු මෙම රාජධානියේ එවකට පාලකයා වූයේ කිම් සන්ග් වූන්. ඔහුගේ බාල සොහොයුරා කිම් දන්ග්ජොන් උනු අතර ඔහුගේ සහෝදරිය කිම් සූමි වුණා. ඔවුන් දෙදෙනාත් ඇල්ෆාවරුන් වීම බෙහෙවින් සුවිශේෂී වෙද්දි එයම ඔවුන්ගේ විනාශයට හේතුවක් වේවි කියා ඔවුන් කෙසේවත් නොසිතන්න ඇති.
කෙසේවෙතත් බලලෝභී වූ රජුගේ බාල සොහොයුරා අඳුරු මායාවන් භාවිතා කොට රජුව මරාදමා සිහසුන හිමි කරගනිද්දී ඔහුට පක්ෂ වූ සහ විපක්ෂ වූ පිරිස් අතර ගැටුම් ඇතිවීමට පටන් ගත්තා. රාජධානියේ සිටීම අනතුරක් වූ හෙයින් බොහෝදෙනා සිය දිවි ගලවාගැනීමේ අරමුණින් දූපතෙන් පිටවී මිනිස් ජනාවාස සොයා පිහිනා ගියා. සිය වැඩිමහල් සහෝදරයාගේ වියෝවෙන් කළකිරීමට සහ භියට පත්වූ ඔහුගේ සොහොයුරිය රජුගේ වැඩිමහල් දරුවාත් සිය දියණියත් රැගෙන දූපතෙන් පිටවීමට තීරණය කරේ ඇගේ ස්වාමියාගේ ජීවිතය ඇගේ දෑස් ඉදිරියේම නැතිවෙද්දි. එකට එක්වූ සහකරුවන් දෙදෙනෙකුගෙන් එක් සහකරුවෙකු නැතිවීමේ වේදනාව අනෙකාට දරාගැනීමට හැකිවූයේ නැහැ. එනිසාවෙන් සිත ශක්තිමත් කරගත් ඇය කෙසේ හෝ රාජධානියෙන් පිටවී සිය දියණියව බීටා පවුලකටත් රජුගේ පුතණුවන් ඇල්ෆා පවුලකට‍ත් භාරකර සිය දෙනෙත් පියාගත්තා. කුඩා දියණිය අතෙහි රැජිනියගේ මුද්දත් කුඩා කුමරුන් අතෙහි රජුගේ මුද්දත් රැඳුණේ ඔවුන් රාජකීයයන් බව කෙදිනක හෝ ඔප්පු කළ යුතු නිසා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now