Chapter 19

2.6K 478 295
                                    

එයා එළියට ආවම ටේහ්‍යුන්ග් දැක්කා යුන්ගි ජිමින්ට සැර කරනවා.

"ඔයා මොකටද චිම් කුකී බබාව මෙහෙම තැනකට එක්කරගෙන ආවෙ? ඔයා හොඳටම දන්නවා කුකීගෙ ජීවිතේ තියෙන්නෙ අනතුරක කියලා. ඒක දැන දැනත් අපිට නොකියා මෙහෙම ගමනක් ආවෙ කොහොමද? අනික ඔයාගෙ සුවඳ නැතිවෙද්දි මං බයවෙයි කියලා හිතුනෙ නැද්ද?"

යුන්ගි ජිමින්ට කෑගහද්දි ජිමින් බිම බලාගෙන හිටියෙ ඒ බෝල ඇස් කඳුලු වලින් පුරවගෙන.

"යුන්ගි හ්‍යුන්ග්.. ජිමිනට බනින්න එපා. දන්නවනේ කුකී බබාගෙ හැටි. එයා අනිවාර්යයෙන්ම එයාට ඕන දේ කොහොමහරි කරගන්නවා." ටේහ්‍යුන්ග් එහෙම කියලා ගිහින් කාර් එකෙන් ඉඳගත්තා.

ටික වෙලාවකින් ජින් පස්සෙන් දුවගෙන එන ජන්ග්කුක්ව ටේහ්‍යුන්ග්ට සයිඩ් කණ්ණාඩියෙන් පෙනුනා.

"ඔම්මා.. අලේ කුකී බබා එක්ක තරහද??" ජන්ග්කුක් කෑගැහුවත් ජින් නෙවෙයි හැරිලා එයා දිහා බැලුවෙ. ජින් එහෙම හැසිරෙන්නෙ ජන්ග්කුක් කරේ වරදක් කියලා තේරුම් කරවන්න කියලා ටේහ්‍යුන්ග්ට තේරුණා. ඒ දෙන්නට නොකියා ජන්ග්කුක් මේ වගේ ගමනක් ආපු එක ඇත්තටම බරපතළ දෙයක්. විශේෂයෙන්ම ජන්ග්කුක්ගෙ ජීවිතේ දැන් තියෙන්නෙ අනතුරක කියලා එයාලා හැමෝම දැනගෙන ඉද්දි. අනික තාමවත් ජන්ග්කුක් හොස්පිටල් එකෙන් ඇවිත් සතියක් ගිහින් තිබ්බෙ නෑ.

"කුකී බබාට සොලී.. අනේ ඔම්මා කතා කලන්නකෝ.. ආයෙ කුකී බබා මෙහෙම කලන්නෙ නෑ." ඒ පාර ජන්ග්කුක්ගෙ හුරතල් මූණ රතුම රතු වෙලා ඒ බෝල ඇස් වලින් කඳුලු කඩාගෙන වැටෙන්න ගත්තා. ජින් කියන්නෙ කවදාවත් ජන්ග්කුක්ට වචනෙකින්වත් සැර කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් ජන්ග්කුක්ට ජින් එයා එක්ක තරහ උනා කියන එක දරාගන්න බැරිවුණා.

"හුවෑවෑ.." ජන්ග්කුක් බිම ඉඳගෙන හයියෙන් අඬන්න ගත්තම නම්ජුන් ඉක්මනට දුවගෙන ඇවිත් ජන්ග්කුක්ව වඩාගත්තා.

"ශ්ශ්.. ඔම්මා කුකී එක්ක තරහ නෑ. කෝ දැන් අඬන එක නවත්තන්නකෝ. ලොකු බබාලා ඔහොම අඬන්නෙ නෑ." නම්ජුන් ජන්ග්කුක්ව වඩාගෙනම ඇවිත් කාර් එකේ පිටිපස්සෙ සීට් එකෙන් ජන්ග්කුක්ව තිබ්බා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now