❤️ විසි දෙවන දිගහැරීම 💚

355 103 16
                                    

ඒත් එක්කෙම මාව මොකේක හරි වැදිලා වීසි වෙලා යනව දැනෙද්දි මං කොහෙටදෝ වැටුනෙ මුලු ලෝකෙම එක තැනක නතර උනා වගේ හැගීමක් මට ඇතිකරන ගමන්...

ඒත් ඒත් මට මොකුත් උනේ නෑ.. නෙහ්... වැටෙද්දි කොන්ද ටිකක් වැදුනා තමා ඒත් මම හොදින් . ඒ උනාට මොකද්ද මේ මගෙ ඇග උඩ තියෙන්නෙ ඒක බරයි.. ඇතිවෙච්චි බයටයි ගැස්මටයි මම ඇස්දෙක නෑරම කල්පනා කරද්දි , මට දැනුනෙ ඇග උඩ තිබ්බ ඒ බර ටිකෙන් ටික අයින් වෙලා යනව වගේ..

ඩීඩී.. ඩීඩී අනේ ඇස් අරින්නකෝ...ඩීඩී.. මට ශාන්ගීගෙ කටහඩ ඇහෙනවත් එක්කම මූනට හිමින් හිමින් තට්ටු කරනව දැනෙද්දි මම යන්තමින් ඇස් දෙක ඇරියා..

බෝ... මැණික ඔයාට මොකුත් උනේ නෑ නේද.. ඔයාට මාව ඇහෙනව නේද ...

මගෙ ගාව දනගහගෙන එක අතකින් මාව තුරුල් කරගෙන වගේ අනික් අතින් මූනට තට්ටු කරන ගමන් මට කතා කලා..ටිකක් වෙලා බොදවෙච්චි ඇස් දෙකකින් එයාගෙ දිහා බලාගෙන හිටපු මම යන්තමට ඔලුව වැනුවෙ එයා තව තව මගෙ මූන අත ගගා කතා කරපු නිසා..

මිස්ටර් ප්‍රශ්නයක් උනේ නෑ නේද...
අර මම එනව දැකපු වාහනේ අපිට චුට්ටක් එහායින් නවත්තලා තියෙද්දි ඒක එලවගෙන ආපු කෙනා කියලා හිතන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා ශාන්ගී ගෙන් ප්‍රශ්නයක් නෑ නේද කියලා ඇහුවා.. මම තාමත් එතනම බිම නිදාගෙන ඉන්නකොට මාව එහෙම්මම තියලා නැගිට්ට ශාන්ගී..

ප්‍රශ්නයක් උනේ නෑ තමා මිනිහො මම දැක්ක නිසා.. තමුසෙ මොන සිහියෙන්ද වාහනේ ඩ්‍රයිව් කලේ.. බලපන් මොකක් හරි උනා නම් එහෙම ... කාලකන්නියා තමුසෙ හින්දා තව පොඩ්ඩෙන් මේ අහිංසකයට වෙන්නෙ මොකද්ද කියලාවත් හිතන්න පුලුවන්ද..

මිස්ටර් එයා එක පාරම පාරට පැන්නා..

පාරට පැන්නා කියන්නෙ මිනිහො මේක හයිවේ එකද තමුසෙ ඔච්චර වේගෙන් යන්නෙ.. බලපන් ගහපු බ්‍රේක් පාර කොච්චර දුරින්ද නතර වෙලා තියෙන්නෙ...

සොරි මිස්ටර් මම හිතුවෙ නෑ එක පාරම කවුරු හරි පාරට පනී කියලා ..

යකෝ තමුසෙට කිය කියද මිනිස්සු පාර පනින්නෙ.. වැරැද්ද කරලා මදිවට තව නිදහසට කාරනත් කියන්න එනවා..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Onde histórias criam vida. Descubra agora