❤️ විසි හතරවන දිගහැරීම 💚

282 113 23
                                    

මට එහා පැත්තෙ පුටුවට ජියේ ඇවිත් වාඩි උනේ මාත් එක්ක ලොකූ කතාවක් කරන්න තියනව වගේ වටපිට බලන ගමන්...

යීබෝ..

මගෙ ජියේ එහෙමයි එයා මට පොඩි කාලෙ කිව්වට පස්සෙ කොයිම වෙලාවකවත් ඩීඩී කියලා කතා කරලා නෑ.. එයා කියන්නෙම මගෙ නම ..

......

ඔයා කොහොමද ඔච්චර ශාන්ගීලත් එක්ක එකතු වුනේ..

.......

මම ඇහුවෙ ශාන්ගී ,එතකොට ශෙනී ඔයා එක්ක ඔච්චර එකතු උනේ කොහොමද..

" ශෙනී.. මම හිතන්නෙ එයා ඔයාට වඩා වැඩිමල් "

එයා වැඩිමල්ද නැද්ද මට වැඩක් නෑ යීබෝ.. මට කියන්න ඔයා එයාලට එච්චර සමීප කොහොමද කියලා ..

" ඒ මොකටද "

ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙනව යීබෝ ආයෙත් ප්‍රශ්නයක් අහන්නැ නැතුව..

" එකතු උනේ  එයාලා මට කැමති නිසා "

කැමති නිසා කියන්නෙ ඔයාට කැමති වෙන්න හේතුව මොකද්ද..

" දන්නෙ නෑ "

දැන් ඔයා ඔච්චරටම එයාලා එක්ක එකතු නම් එයාල ගැන හොදට දන්නව ඇති නෙහ්..

........
මෙයා ඇත්තටම මේ මොකාටද එන්න හදන්නෙ ..

නොදැන ඉන්න විදිහක් නෑ නෙහ් නේද.. එයාලට ඔයාව එයාලගෙම මල්ලි කෙනෙක් නෙහ්..

............

නේද...

" මොකද්ද අහන්නෙ කෙලින්ම අහන්න "

කෙලින්ම නේද... ශාන්ගීට කෙල්ලෙක් ඉන්නවද....

.......

ඈ... ඔයා දන්නව ඇති නෙහ්..

"ඔයා මොකටද ඒක හොයන්නෙ.."

දැන ගන්න .. ඉන්නවද එයාට කෙල්ලෙක්..

"හිටියත් ඔයාට මොකද..."

යීබෝ ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න .. මම කී පාරක් කිව්වද...

" මම අනුන්ගෙ ඒව හොයන්නෙ නෑ.. "

හෙව්වෙ නැතුවට තමුසෙට කියලා ඇති නෙහ්..

" කිව්ව වගේ මතකයි ඒත් හරියට මතක නෑ "

මතක නැත්තෙ මොකෑ.. එයා කිව්ව නම් ඉන්නව කියලා ඒක මතක තියෙන්න එපෑ..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Место, где живут истории. Откройте их для себя