❤️දසවන දිගහැරීම 💚

377 108 12
                                    

දෙදෙනාම ගගට බැස ගත් පසු ශාන් නැවතත් කෝටුව භාවිතා කරමින් ගගේ නොගැබුරු තැන් සොයන්නට විය.. ඉවුර ආසන්නයට වන්නට ගංගාව නොගැබුරු වුවත්  මධ්‍යයට වන්නට එය තරමක් ගැබුරු බව හදුනාගත් ශාන් යීබෝව එදෙසට නොයාන්නට වග බලා ගත්තේය.. මද වේලාවක් ජලයට බැස සිටි දෙදෙනා ඉන් පසුව ගොඩට පැමින එක් ගසක් යටට වන්නට වූ ගල් තලාවක් මත වාඩිවූහ..

ඩීඩී..

යීබෝ ශාන් දෙස බැලුවේය..

ඔයා කැමති මොනවගේ දේවල් කරන්නද..

"චිත්‍ර අදින්න" යීබෝ ලියා පෙන්නුවේය..

ඔහ් එහෙමද මාත් ආසයි චිත්‍ර අදින්න..

" නැන්දා කිව්වා... "

මෙතනත් හරියට චිත්‍රයක් වගේ නේද...

යීබෝ ඔව් කියන්නට හිස වැනුවේය.

දවසක එමුද අපි දෙන්න මෙතන චිත්‍රයක් අදින්න..

යීබෝ පුදුමයෙන් නමුත් හා කියන්නට හිස වැනුවේය..

ඩී ඩී ඔයාට යාලුවො ගොඩක් ඉන්නවද..

"හොදම යාලුවො දෙන්නයි , තව ලගින් ආශ්‍රය කරන කීපදෙනෙකුයි ඉන්නව"

එහෙමද මාවත් ඔයාගෙ යාලුවෙක් කර ගන්න බැරිද..

"ඇයි "

මට මෙහෙ යාලුවො නෑ නෙහ්..ඉතින් ඒකයි ඇහුවෙ ටිකක් කතා බහ කරලා ඉන්න..

" මගෙ අයියා ඉන්නව ඔයාගෙ වයසෙ වගේ.."

එයා ඉතින් එන්නෙ නෑ නෙහ් අපේ ගෙදර, ගෙදර ඉන්න වෙලාවට කම්මැලී තනියම ඉන්න..

"හා.. එහෙනම් "

ම්ම්ම්ම්

ඉන් පසු මද වේලාවක් ගල්තලාව මත වාඩිවී සිටි දෙදෙනා නැවත නිවස බලා පැමිනියහ.

Wang yibo ' s pov

ශාන්ගී එක්ක ගග ගාවට ගිහින් ආවට පස්සෙත් එයයි මායි ගොඩක් වෙලා මිදුලට වෙලා එක එක දේවල් කතා කර කර හිටිය.. ඇත්තම කිව්වොත් කතා කලේ එයා විතරයි මම කලේ ලියලා පෙන්නුව එක.. එහෙම කරද්දි එයා මට කිව්ව හැමතිස්සෙම ලිය ලිය පෙන්නන එක කරදර හින්දා එයාටත් මගේ භාශාව උගන්නන්න කියලා .. ඉතින් මම ඉස්සෙලාම හැම තිස්සෙම ඕනෙ වෙන සංඥා ටිකක් එයාට කියලා දුන්න.. එක එක සංඥාව මම කරලා පෙන්නන ගමන් ඒකෙන් මොකද්ද කිය වෙන්නෙ කියන එක පොතේ ලියලා පෙන්නුව ඒත් ඒක ටිකක් අමාරු හින්දා එයාට අල්ල ගන්න පුලුවන් උනේ වචන කීපයක් විතරයි..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now