🤭 මෙතෙක් කතාව.. 😁

219 39 14
                                    

චිනයේ යූයැන්ග්   ප්‍රදේශයේ ගොවිතැන ජීවනෝපාය කරගනිමින් ජීවත් වුනු වැන්ග් චාඕ හා යැන්ලි   හට පුතුන් දෙදෙනෙක් හා එක් දියනියක් විය..

වැඩිමලා වැන්ග්  කුවාන් දෙවැන්නා , දියනිය වැන්ග් යැන්සි සහ බාලයා වැන්ග් යීබෝ  , යීබෝ කියන්නේ උපතින්ම කතා කිරීමේ හැකියාව අහිමි නමුත් කන් ඇසීමේ හැකියාව ඇති වයස 18ක් පමණ වන තරුණයෙක් , මේවන විට යූයැන්ග් මහා විද්‍යාලයේ ඉගනුම ලබන ඔහුට  මිතුරන් දෙදෙනෙක් විය.. නමින් චෙන් හා බින් ලෙස හදුන්වන ඔවුන් යීබෝගේ අතිජාත මිත්‍රයෝ ය.

යීබෝ හා ඔහුගේ පවුලේ උදවිය ජීවත් වූ මෙම ප්‍රදේශයේ බංගලාව නමින් හදුන්වන නිවසක් ඇති අතර එහි අයිතිය යීබෝගේ පියාගේ මිතුරෙක් වන වෛද්‍යවරයකු හට විය..  මෙම නිවස මෙන්ම ඒ වටා ඇති විශාල භූමි ප්‍රමානයකම අයිතිය ඔහු සතු වූ අතර දිනක් හදිසියේම යීබෝ ගේ පියා සොයා පැමිනි එම වෛද්‍යවරයා පවසා සිටියේ ඔහු එම නිවස තම වෙනත් මිතුරෙකු හට විකුනා දැමූ බවයි.. මෙම නිවසේ වෛද්‍යවරයා පදිංචිව නොසිටි නිසාවෙන් එහි නඩත්තු කටයුතු සිදු කෙරුනේ චාඕ අතිනි .. එනිසා ඔහු දැනුවත් කල වෛද්‍යවරයා කියා සිටියේ අලුතින් එහි  පදිංචියට පැමිනෙන හිමිකරුවන් හට එහි වාසයට අවශ්‍ය පහසුකම් සලසන ලෙසටය..

බංගලාවේ නව පදිංචිකරුවන් වන ශියාඕ පවුලේ සාමාජිකයන් ගණන පස් දෙනෙකි  . පියා ශියාඕ ෆෙමියැන්ග් ,මව ශියාඕ ලීසා ,මිත්තනිය යූ ශියුආන් සහ ශියාඕ ශෙනී හා ශියාඕ ශාන් ලෙස දරුවන් දෙදෙනෙක් විය  ෆෙමියැන්ග් හා ශාන් ඉංජිනේරුවන් වන අතර ලීසා ගුරුවරියකි..

ඉතාමත් හොද ගති ගුණ වලින් යුතු නිවැසියන් හතර දෙනෙකු අතර යූ ශියුආන් මහත්මිය මදක් තද ගතිගුන ඇති අයෙක් වූවාය.. නිවසට පැමිනි මුල් කාලයේදී  යීබෝ හා පවුලේ අයට මදක් රෙගුලාසි පෙන්වූවත් කල් යත්ම එය මග හැරී යන්නට පටන් ගත්තේය...

ශියාඕ පවුලේ සාමාජිකයන් බංගලාවේ පදිංචියට පැමින දින ගතවෙත්ම එම පවුලේ සුරතලා  බවට යීබෝ පත් වූ අතර ඊට ඔහුගේ සහෝදරිය වන යැන්සි මදක් අමනාපයෙන් පසු වූවාය.. එසේම ඇගේ සිතේ ශාන් කෙරෙහි යම් කැමැත්තක් හට ගෙන තිබූ අතර ඇය එම කැමැත්ත ප්‍රේමයකට හරවා ගන්නට , ශාන් හා සම්බන්දතාවයක් ගොඩ නගා ගන්නට යීබෝගෙන් උදව් ඉල්ලා සිටියාය.. නමුත් යීබෝගේ සිත ඊට එකග නොවූවේය.. එසේ මද කාලයක් ගත වෙද්දී ශාන් හා යීබෝ ඉතාමත් සමීප මිතුරන් සේ ඇසුරු කිරීමට පටන් ගත් අතර ශාන් ඇතුලු පවුලේ සැමගෙන යීබෝ හට කදිම උපන්දින සාදයක් ද ලබා දුන්නේය.. එසේම යීබෝ පෙලෙන අසනීප තත්වයන් සදහා ප්‍රතිකාර ගැනීමට ශාන් ලීසා මහත්මිය හා යැන්ලි සමග යීබෝ  හූනාන් නගරයටද ගියේය .. එහිදි යීබෝ හට යම් අනතුරක් සිදු වුවත් ඉන් හානියක් සිදු නොවීය.. 

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Wo Geschichten leben. Entdecke jetzt