❤ තුන්වන දිගහැරීම 💚

467 118 10
                                    

මිතුරා පිටවී යන ආකාරය නිවසේ දොරකඩට වී බලා සිටි චාඕ බරැති සුසුමක් පිට කර දැමුවේ මනසේ පොරබදින දහසකුත් ප්‍රශ්න වලට අස්වැසිල්ලක් ලබා ගැනීමේ අරමුනෙණි .

ඒ අය කියන තරම් හොද වෙයිද අපේ මහත්තයා..

යැන්ලිගේ පැනයට පිලිතුරු ලෙස චාඕ කියා සිටියේ දොස්තර මහත්තයා කියනව නම් ඉතින් හොද ඇති යනුවෙනි

කොකටත් මම හවස් වෙලා චූටිත් එක්ක ගිහින් ඒ පැත්ත බලලා එන්නම් .. නැත්තම් හොදනෑ නෙහ්

හ්ම්ම්.. ඒක හොදා
යැයි පවසමින් යැන්ලි යලි මුලුතැන්ගෙය දෙසට ගිය අතර චාඕද ඔහුගේ වැඩ සදහා නැවතත් වත්ත දෙසට ඇවිද ගියේය.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

බෝයා අර වැඩේට උබත් එනව නේද කියපන්කෝ..

පාසල නිමවී නිවසට පැමිනෙන අතර මගදී යීබෝ ගේ හොදම මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙක් වන බින් නොහොත් යූබින් විසින් පාසලේදී ඔවුන් කතිකා කරගත් දෙයක් ක්‍රියාවට නැංවීම සදහා යීබෝත් පැමිනෙන්නේදැයි විමසුවේය.

ශුවර් නෑ අම්ම කැමති නෑ නෙහ් මම හවස් වෙලා එහෙ මෙහෙ යනවට..‍ලෙස යීබෝ හස්ත සංඥාවෙන් පැවසුවේය.

නෑ නෑ උබ එන්න ඕනෙ නෑ අපි වැඩේ කරන්නම්.. හෙට ඇවිත් උබට විස්තරේ කියන්නම් එතකොට හරි නෙහ් ..

මිතුරන් දෙදෙනාගෙන් අනික් මිතුරා වන චෙන් එලෙස පැවසුවේ කුමක් හෝ වැරදීමකින් යීබෝට පුංචි හෝ අනතුරක් සිදුවුවහොත් තුන් හතර පැත්තෙන්ම ඔවුන් දෙදෙනාටද හොදැ හැටි බැනුම් ඇසීමට සිදුවන බැව් දන්නා බැවිනි.

යීබෝට වඩා ශරීර ප්‍රමානයෙන් තරමක් උස මහත් නමුත් ඔහුගේම වයසේ පසුවන මෙම මිතුරන් දෙදෙනා නිරන්තරයෙන් යිබෝ පිලිබද සැලකිලිමත් වන්නේ යීබෝ පිලිබද නිවැරදි තොරතුරු දන්නා නිසාවෙනි.

කතාවෙන් කතාවෙන් යීබෝගේ නිවස අසලට පැමිනි තිදෙනා වෙන්ව ගියේ හවස්‍ යාමයේ සිදුකරන කටයුත්ත සම්බන්දයෙන් හෙට දිනයේදී විස්තර පවසන බවට යීබෝට පොරොන්දු වීමෙන් අනතුරුවය.

බින්ගේ සහ චෙන්ගේ නිවාස ගම්මානය ආරම්භ වන හරියට වන්නටද යීබෝගේ නිවස ගම්මානය ඇතුලතට මද දුරක් යන විට පාර අයිනට වන්නටද පිහිටා ඇත..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now