❤️ තිස්වන දිගහැරීම 💚

331 108 40
                                    

හරි නෙහ් යීබෝ ඔයා ඔය කලේ හොදටම... මෝඩ කතා කියන්න ගිහින් අනා ගත්තා නෙහ් ඔක්කොම... මම එහෙම හිතුවෙ ශාන්ගී දැන් ඕක හොයනව අනිවාර්යයෙන් කියලා තේරිච්ච නිසා....

ඊට පස්සෙ ටික වෙලාවක් යනකන් මම ඔංචිල්ලාවටම වෙලා හිටියෙ ගේ ඇතුලට යන්න තරම් මානසිකත්වයක් තිබ්බෙ නැති නිසා....
ඉතින් එතනට වෙලත් කල්පනා ලෝකෙක ගිලිලා මම කල්පනා කලේ ශාන්ගී යි මායි ගැන..

හැමෝම පොඩි ලමයෙක් විදිහට මාව දැක්කට, මම එහෙම හැසිරුනාට දැන් මටත් තනියම තීරනයක් ගන්න, දේක හරි වැරැද්ද හරියට තීරණය කරන්න පුලුවන්කම තියෙනවා.. අවුරුදු දහනවයක් කියන්නේ පොඩි වයසක් නෙමේ... ඒත් මට මොකද්දෝ හේතුවකට අවුරුදු දහනවයක් උනත් දැනෙන්නෙ තාම අවුරුදු නවයක් වගේ..අනික් අතට අනික් අය මාව දකින්නෙ අවුරුදු නවයක ලමයෙක් වගේ ඒත් මම හොදටම දන්නවා මේ වයසෙදි ආදර සම්බන්ධයක් කියන්නේ සාමාන්‍ය දෙයක් කියලා මොකද මම ඕනෙ තරම් දැකලා තියෙනවා එහෙම සම්බන්ධ තියෙන අය අපේ ඉස්කෝලෙ උනත් .. අනික ඉතින් තව මාස ගානකින් මම ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවර වෙනවා.. එතකොට කාටවත් මට වැරැද්දක් කියන්නත් බෑ..අනික් අතට ශාන්ගී කියන්නේ හොද කෙනෙක් ඒක මේ ටික කාලෙට මුලු ගමම දැන ගත්ත දෙයක් ... එහෙම එකේ කවුරුත් අපේ සම්බන්ධෙට වැරැද්දක් කියන එකක් නෑ... ඒත් තියන ප්‍රශ්නෙ අපි දෙන්නම් කොල්ලො වෙච්චි එක... ඒක මේ ගමේ මිනිස්සු කොහොම දකීද කියන්න මම දන්නෙ නෑ... බැරි වෙලාවත් මේක හින්දා එයලා අපිව ශාන්ගීලව ගමෙන් එලෙව්වොත් .. ලොකු ප්‍රශ්නයක් වෙනව නෙහ්.. අනික අපේ ගෙවල් වල අය මේක දිහා මොන විදිහට බලයිද කියලා මට හිතා ගන්න බෑ... මැඩම් සර් කොහොම උනත් අපේ ගෙදරින්නම් මේකට ලේසියෙන් කැමති වෙන්නෙ නෑ... ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි ..  කොහොම හරි ඒ ඔක්කොමත් හරි ගියා උනත් ශාන්ගීට මාව ගැලපෙයිද.. එයා හොදට ඉගන ගත්ත හොද රස්සාවක් කරන කෙනෙක් , අනික එයාගෙ කිසිම අඩුපාඩුවක් නෑ... ඒත් මම, ඉගෙන ගත්තා උනත් රස්සාවක් කරන්න තව ගොඩක් කල් යනවා  අනික මට කතා කරන්නත් බෑ.. ඒක සනීප කරන්නත් බෑ.. කතා කරන්න බැරි එක විතරක් නම් කමක් නෑ.. හේතුවක්  නැතිව මාව උන්නු ගමන් ලෙඩ වෙනවා නැගිට ගන්න බැරි තරමටම .. එතකොට මම ශාන්ගී එක්ක හිටියොත් එයාට කරදරයි.. දැනටමත් අම්මලා උනත් මගෙ බෙහෙත් වලට කොච්චර සල්ලි වියදම් කරනවද  කාලෙකද මම ශාන්ගී එක්ක හිටියොත් එයාටත් මට එහෙම වියදම් කරන්න වෙනවා... එතකොට දැන් කොච්චර ආදරේ උනත් එහෙම වෙනකොට මාව එපා වෙයි... එපා උනොත් ... එයා මාව අතෑරියොත් .. මට මොකද වෙන්නේ..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now