මම එහෙම කියද්දිම ශාන්ගී කෑම මේසෙට ආව නිසා සර් තවත් මොකුත් නොකියම නිහඩ උනේ මැඩම් ඇස් වලින් සර්ට ශාන්ගීව පෙන්නද්දි...
බෝ ඔයත් එන්න කෑම කන්න..
ශාන්ගීත් ඇවිත් මට කතා කලත් මම එයාටත් බෑ කියලා ඔලුව වැනුවෙ කනවට වඩා මැඩම්ලා ශාන්ගීට කියන්න යන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනෙකමක් තිබ්බ නිසයි ..
කට්ටියම කෑම බෙදාගෙන විනාඩි පහ හයක් කෑම කෑම කද්දී මම කුස්සියෙ දොර ගාවට වෙලා ඈත බලාගෙන හිටියත් කන කෑම මේසෙ දිහාවට දික්කරගෙන හිටියා...
ටිකක් කෑම කෑම සර් යන්තමට උගුර පාදලා,
ශාන්..
පපා..
පුතා.. මේ මම ඔයාට කියන්න හිටියේ... අපිට පොඩි හදිස්සියක් වෙලා...
හදිස්සියක් වෙලා කිව්වේ සල්ලිද...
නෑ දරුවො... මමාගේ මෙයිට ටිකක් සනීප මදිලු.. එයා ප්‍රෙග්නට් නෙහ්... අනික බාප්පත් මේ දවස්වල රටෙන් පිට ගිහින් නෙහ් ඉන්නේ... ඉතින් අපි බැලුවෙ දවසකට දෙකකට එහෙ ගිහින් එන්න... අද උදේලු පුංචි මමාට කතා කලේ ස්කෝලෙ ඉද්දි...
ඉතින් පපා...
ඉතින් අපි බැලුවෙ එහෙ ගිහින් එන්න යන්න...
ම්ම්ම්ම්.. ඒක හොදයි... කවද්ද පපා යන්නේ නිවාඩු දාන්න ඕනෙ නේද අපි දෙන්නම..
මේකයි පුතා.. මම බැලුවේ මායි මමායි ශෙනීයි තුන් දෙනා ගිහින් එන්න...
මොකක්...
අහන්නකො.. ශාන් ඔයා ගියොත් මාත් නෑ ඔයත් නෑ ප්‍රොජෙක්ට් එකේ වැඩ පරක්කු වෙනවා.. මට නොගිහින් ඉන්න තිබ්බා ඔයාව යවලා ඒත් පුංචි ව මම අදුරන ඩොක්ටර් කෙනෙක්ට තමයි පෙන්නන්න ඉන්නේ... ඉතින් ඒකට මම යන්නම ඕනෙ ඉතින්... ඒකයි ඔයාව ගෙදර තියලා හිතුවේ...
ඒත් පපා ඔයාලා දන්නවා මම ඔයාලා නැතුව මෙහෙ ඉන්න කැමති නෑ කියලා එතකොට ....
ඒත් පුතා ඔයා දැන් පොඩි ලමයෙක් නෙමේ... අනික ග්‍රැනීත් ඉන්නව ඔයාට කෑම බීම හදන්න යැන්ලි ආන්ටිලත් එනවා... තනියට යීබෝත් ඉන්නවා....
ම්ම්ම්ම්ම්හ්.. ඒත් රෑට..
අපෝ අයියා ඔයා කෙල්ලෙක් වගේනෙහ්.. අප්පා... මම ට්‍රේනින් යන කාලේ ගෙදරිනුත් ගිහින් තනියම හිටියෙ ඔයාට දවස් දෙකතුනක් තනියම ඉන්න බැරිද අප්පා...
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌