❤️ සිව්වන දිගහැරීම 💚

437 115 15
                                    


* මෙතන ඉදන් මම යීබෝ හස්ත සංඥාවෙන් කියන දේවල් උඩු කොමා ඇතුලෙ දාන්නම්ම්....

උදෑසන යීබෝ අවදිවන විටත් නිවසේ ඉතිරි අය එක් එක් රාජකාරී වල නිරත වී සිටි අතර නිදි ගැට කඩමින් මුලුතැන්ගෙට පැමිනි ඔහු යැන්ලිගේ ඇගේ එල්ලුනේය..

හනේ හනේ ඉලන්දාරියා නැගිටින වෙලාව..
යැයි යැන්ලි පවසන විට ,ඒ මොහොතේම මුලුතැන්ගෙට පැමිනි කුවාන් ,

මම මේ කිරි එකකුත් හදාගෙන යන්න යන්න බැලුවෙ වදුරු පැටියට දීල එන්න..

යැයි පැවසුවේය. එවිට මවගෙන් ඈත් වුනු යීබෝ කුවාන්ට " ඉතින් එන්න එපෑ " යැයි සංඥා කලේය..

ඔව් ඔව් එන්න තමා හරිනම් මට උදේට කිරි එකක් ගෙනත් දෙන්න ඕනෙ තමුසෙ රෑට මට දෙන වදේ හැටියට..

කුවාන් මල්ලිට එහෙමද කතා කරන්නෙ තමුසෙ තමුසෙ කියලා.. යැන්ලි කෑගැසුවාය.

එහෙම තමා අම්මා මේ වදුරට කතා කරන්න ඕනෙ ඔයා දැන්නෙ නෑ මූ  රෑට මගෙ බෙල්ල ගලවන්න හදනව..

කුවා..න්....

අහන්නකෝ අම්ම ඔයාගෙ මේ වදුර රෑට ගහන බල්ටි ඔයා දන්නෙ නෑ.. ඔයා ගාව එහෙම නිදා ගත්ත නම් මේ අලි පැටියා එක්ක මෙලහට ඔයාගෙ කොන්දට පත්තු බදින්න වෙලා..

" අනේ මේ බොරු නොකියා ඉන්නව " යැයි යීබෝ සංඥා කලේය.

ආ බොරු මමද බොරු කියන්නෙ තමුසෙවත් දන්නෙ නෑ රෑට නින්දෙන් කරන්නෙ මොනවද කියලා..

ලොකූ කිව්ව මම මල්ලිට තමුසෙ තමුසෙ කියන්න එපා කියල ..

අනේ අම්ම මූ පොඩි එකෙක් නෙමේ...

ඒ උනාට එයා තාම මගෙ පොඩි එකා..

" 😋 "

ඇයි මොකෝ දිව දිග වැඩිද..

"😌"

පලයං ගිහින් ලෑස්ති වෙයන් ඉස්කෝලෙ යන්න ,
$කට අව්ව වැටෙනකං නිදියල තව එනව මෙතන ඇද කරන්නත්.. පලයන් .. කුවාන් එසේ කියමින් යීබෝගේ පසුපසට පයින් පාරක් ගැසුවේය.

" කිරි"

කිරි බොන්න එපා පුතු දැන් ලෑස්ති වෙලා බත්ම කන්න.. එතකොට හරි..යැන්ලි කීවාය ..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ