❤️ තිස් හය වන දිගහැරුම💚

244 67 22
                                    

අන්තිමට අඩලා දොඩලා ඉවර වෙලා මූනත් හෝදන් ඇවිත් අපි ඉන්ටර්වල් එකට තව චුට්ට වෙලාවක් තිබුනත් ගෙනාව කෑම එක කන්න පටන් ගත්තේ දැන් කෑවත් තව විනාඩි කීපයකින් කෑවත් දෙකෙන්ම යන්නේ බඩට නිසා..

කාල ඉවර වෙද්දිම වගේ ඉන්ටර්වල් එකට බෙල් එක ගහපු නිසා පිට්ටනිය පැත්තෙ හිටපු ඉතුරු සෙට් එක ගාල කඩාගත්තු හරක් ටික වගේ පන්තියට රිංගද්දී අපි තුන්දෙනා ශේප් එකේ මාරු වෙලා ගිහින් අත හෝදගෙන ආයෙත් පිට්ටනිය පැත්තේ රවුමක් දාන්න ගියා..

යීබෝ ..

..........

ඇත්තටම උබ හිතනවද ශාන්ගී ඔබට ආදරෙයි කියලා ...
ටික වෙලාවක් සද්ද නැතුව හිටිය චෙන් මගෙන් ඇහුවේ මම ප්‍රශ්නාර්ත බැල්මකින් චෙනාගේ මූන දිහාබලද්දි..

දැන් උබ අහවල් එකකටද ආයෙත් ඕක ඇදලා ගත්තේ..

චෙන්ගේ ප්‍රශ්නෙත් එක්ක බිනා එහෙම  ඇහුවේ මල පැන්න ස්වරයකින්..

නෑ.. නෑ..නිකන්  කියපන්කෝ..

" ඔව් මම හිතනවා ඒවගේම මට දැනෙනවා ශාන්ගී මට ආදරෙයි කියලා "

දැනෙන්නේ කොහොමද...

" මගේ තාත්තා ,කූග'ගා  එතකොට ඔයාලා මාව බලාගන්නේ කොහොමද එයත් ඒ විදිහටම මාව පරිස්සම් කරනවා බලා ගන්නවා.. ඉතින් මට තේරෙනවා එයා මට ආදරෙයි කියලා "

හරි එතකොට උබ කියන්නේ අපීයි ශාන් ග'ගයි උබව බලා ගන්න විදිහ එක වගේනම් ... ඒකෙන් උබට හිතන්න බැරිද මම හරි මේ බිනා හරි උබට ආදරෙයි කියලා ....

".......😑......."

චෙන් බූරුවො මොනවද ඔය කියන්නේ...

නෑ.. මම අහන්නේ බිනා මුට අපි ඌව බලා ගන්න විදිහටම ශාන් ග'ගා ඌව බලා ගද්දී ඒක ශාන් ග'ගගෙ ආදරේ කියලා හිතෙනවා නම් ඇයි මුට හිතන්න බැරි අපිත් ඌට ආදරෙයි..... කියලා ..

චෙන්න්..... මොනවද ඕයි කියන්නේ...

හරි හරි උබට තප්පුලන්න දෙයක් කිව්වේ නෑ... මම කිව්වේ මූ කොහොමද එකම වගේ දෙකකින් එකක් ආදරේ අනික යාලුකම කියලා හොයා ගත්තේ කියලා ...

සරලයි...

මොකද්ද සරල..

මූ ඒක වෙන්කරලා හොයාගත්ත විදිහ...

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now