❤️ බෝනස් 💚

323 103 19
                                    


මේකට කලින් කොටසක් තියේ... ඒකත් කියවලම එන්ඩෝ...

'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'´'

එහෙම කියලා ශාන්ගී මගෙ අතින් අල්ලගෙන යන ගමන් ,

ඩීඩී.. මම ප්‍රශ්නයක් අහන්නද.... කියලා ඇහුවා..

මම මොකද්ද කියලා ඔලුවෙන් අහද්දි අත් ඔරලෝසුව දිහා බලපු ශාන්ගී

යංකො අර ගහ යටින් අපි ඉදගමු. කියලා ලොකු ගහක් පෙන්නුවා.. ඊට පස්සෙ අපි දෙන්නම් ගිහින් ගහ යටින් වාඩි උනා..

" මොකද්ද ප්‍රශ්නෙ "

හ්ම්ම්ම්ම් කියලා හොද හුස්මක් හෙලපු ශාන්ගී අපි ඉස්සරහ තිබ්බ මල් පාත්ති අතරෛන් කොහේදෝ තැනක් එක එල්ලේ බලාගත්තා..

ඩීඩී මම මේ අහන්න යන දේ ඔයාගෙ ඔය පුංචි මොලේට සමහර විට ගොඩක් බර වැඩි වෙයි.. ඒත් බෝබෝ හොදට අහ ගන්න මොකද කවදා හරිම දවසක ඔයාටත් මට මේ දැන් දැනිලා තියනව වගේ දෙයක් දැනෙන්න පුළුවන් එතකොට එදාට ඔයාටත් මට මේ ඇති වෙලා තියන ප්‍රශ්න ටිකම ඇති වෙන්න පුළුවන් ඒක නිසා මම මේ කියන දේවල් හොදට අහගෙන අහන දේවල් වලට උත්තර දෙන්න හරිද..

මම හා කියන්න ඔලුව වැනුවා.. අද කවදාවත් නැති විදිහට ශාන්ගීගෙ මූනට මහ බැරෑරුම් පාටක් එකතු වෙලා හරියට විසදගන්න බැරි ලොකූ ප්‍රශ්නෙකට පැටලිච්චි කෙනෙක් වගේ..

බෝබෝ මම ඔයාගෙ මේ අත අල්ලගත්තම ඔයාට දැනෙන්නෙ මොනවද..එයා පලවෙනි ප්‍රශ්නෙ විදිහට ඇහුවෙ ඒක ඒ අහන ගමන් මගෙ අතින් අල්ලගත්තා උනත් එයාගෙ ඇස් නම් මගෙ දිහාවට හැරෙව්වෙ නෑ..

ඇත්තටම එයා ඒ අහපු ප්‍රශ්නෙට මට එයාට ඕනෙ උත්තරේ දෙන්න පුළුවන් වෙයිද කියන්න මම දන්නෙ නෑ.. ඒත් මට උත්තරයක් නැත්තෙ නෑ.. උත්තරයක් තියනවා.. ඉතින් මම පොත අරගෙන එයාට මගෙ උත්තරේ ලියලා පෙන්නුවා..

" වචනයෙන් කියන්න තේරෙන්නෙ නැති දෙයක් "

මට කියන්න ඒක මොනවගේද කියලා .. උදාහරනයක් විදිහට ගත්තොත් බයක් එහෙම නැත්තම් ලැජ්ජාවක් වගේ...

"........."

කියන්න ඩීඩී මට දැන ගන්න ඕනෙ..
දැන් එයා ඒ දේවල් කියන්නෙ මගෙ මූණ දිහා බලාගෙන

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now