❤️ විසි එක්වන දිග හැරීම 💚

350 101 32
                                    

මැඩමුයි ශාන්ගී යි ඇවිත් අපිට හූනාන් යන්න කතා කරලා තියෙන්නෙ වෙන මොකටවත් නෙමේ මාව ආයෙත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.. එයාලා මැඩම්ගෙ වැඩකට හූනාන් වලට  යන නිසා ඒ  ගමන් අපිවත් එහාට දාන්නම් කියලා එනවද කියලා ඇහුවා..

මේ දවස් ටිකේම එලවලු වල අස්වනු නෙලන වැඩ නිසා තාත්තට එන්න බැරි වේවි කියලා අම්මා  බෑ කියන්න හැදුවත් තාත්තා කිව්වෙ අම්මටයි මටයි දෙන්නට ගිහින් බෙහෙත් අරගෙන එන්න කියලා .. ඒත් අම්මා ,තාත්තා නැතුව යන්න අදිමදි කරද්දි මැඩම් කිව්වෙ බය වෙන්න එපා බංගලාවෙ දොස්තර මහත්තයාට කියලා හැමදේම ලෑස්ති කරගමු කියලා .. ඉතින් හුග දවසින් මාව දොස්තර කෙනෙක්ට පෙන්නුවෙත් නැති එකේ ලේසියෙන්ම වැඩ ටික කරගන්න අවස්තාවක් ලැබිලා තියන නිසා තාත්තා අපිට යන්න කියලා කිව්ව..

දවසින් දවස ගෙවිලා අපි හූනාන් යන දවස උදා උනා.. එක දවසින් ගිහින් වැඩ ටික ඔක්කොම කරගෙන එන්න බැරි නිසා අපි දවස් දෙකක් මේ ගමනට දා ගත්තා.. ඒ කිව්වෙ යන දවසයි එන දවසයි .. යන දවසෙම අපේ වැඩ ටිකත් කරගෙන පහුවදා එන්න තමා අපි කතා වුනේ.. කලින් දවසෙ දොස්තර මහත්තයාට කතා කරලා අපි එන බව දනවලා තිබ්බා. එතකොට දොස්තර මහත්තයා එහෙ දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියනවා..

හරියටම උදේ හය වෙද්දි  ශාන්ගී මැඩම් එක්ක කාර් එකේ අපේ ගේ ගාවට ආව.

පුතූ ඔයා ඉස්සරහට නගින්න එතකොට හොදට වට පිට බල බලා යන්න පුළුවන් ..
කාර් එකෙන් බැහැපු මැඩම් එහෙම කියලා මාව ශාන්ගී ත් එක්ක ඉස්සරහ ශීට් එකට නග්ගලා එයා අම්මත් එක්ක පිටිපස්සෙ ශීට් එකට නැග්ග..

අපේ ගෙදර අයට සමුදීලා අපි යන්න පිටත් උනාට පස්සෙ ටික වෙලාවක් යනකං කවුරුත්ම කතා කලේ නෑ.. ඒ කතා නොකරපු හින්දාද කොහෙද ශාන්ගී කාර් එකේ රේඩියෝ එක දානකොට මැඩම් කෑ ගහන්න පටන්ගත්තා.

ඔන්න... ඕ..න්න දාගත්තා මල කරච්චලේ ..ගිරිය කඩාගෙන බෙරිහන් දෙන සිංදු ...

අපෝ මමා ඔයාට කිසිම රසවින්දනයක් නෑ අප්පා..

මොන රසවින්දනයක්ද ලමයෝ ඔය සිංදු වල  මටනම් ඔලුව කැක්කුම හැදෙනව ඕව ඇහෙද්දි  ..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now