❤️ හත්වන දිගහැරීම 💚

394 116 14
                                    

කිරි වීදුරුවත් පානය කල යීබෝ යැන්ලි ගේ තුරුලේම නින්දට වැටෙද්දී ඇය හිම්න් සීරුවේ ඔහුව ඇදෙන් දිගාකලාය. එතෙක් වේලා එදෙස බලා සිටි ශියාඕ මහත්මිය අල්මාරියෙන් ගත් බ්ලැන්කට් එකක් යීබෝට පොරවා යැන්ලිත් සමග මුලුතැන්ගෙයට පැමිනියාය.

මුලුතැන්ගෙයි හි වූ අසුනකින් වාඩිවූ ශියාඕ මහත්මිය යැන්ලිත් එතනින් හිදුවා ගත්තේ බැරෑරුම් මුහුනක් මවාගනිමිනි..

ඉදගන්නකෝ යැන්ලි ..

නෝනා..

මම දන්නෙ නැහැ මම මේ අහන දේ හරිද වැරදිද කියලා ඒත් මම මේක අහන්නෙ අර දරුවා එහෙම ඉන්නව බලාගෙන ඉන්න බැරි හින්දා..

නෝනා..

ඔයා කිව්ව නේද පුතාට කලිනුත් මෙහෙම උනා .. කියලා ඉතින් බෙහෙත් ගද්දි  ඩොක්ටර්ස්ල මොකද කිව්වෙ.. ඒගැන... වැරදියට හිතන්න එපා මම ඔයාගෙ හිත රිද්දන්න අහනව එහෙම නෙමේ..

අනේ. . නෝනා මම එහෙම හිතන්නෙ නෑ.. මම දන්නව නෝනත් එයාට මම වගේම ආදරෙයි කියල ...

එහෙනම් කියන්නකෝ මොකද්ද උනේ කියලා..

පපුව පුරවා හුස්මක් ගත් යැන්ලි...  ඒ පිලිබදව  ශියාඕ මහත්මිය හට පැවසීමට පටන් ගත්තාය..

නෝනා.... යීබෝ කියන්නෙ ඉපදෙන්නත් කලින් ඉදන් මහ ගොඩක් කරදර වලට මූන දීපු කෙනෙක්.. මගෙයි මහත්තයගෙයි තිබ්බ අසරනකම හින්දා අපිටත් වඩා දුක් වින්දේ ඔය දරුවා.. දැනටත් ඒ විදපු දුක් කරදර වල විපාක ඒ දරුවා විදිනව නෝනා.. මට ඒකමයි දරාගන්න බැරි... අපේ වැරදි වලට ඒ අහිංසකයා මොනව කියල  කරන්නද නෝනා..

ඒ..හ්. කිව්වෙ..

නෝනා දන්නව නෙහ් මේ පැත්තෙ ඉන්නෙ ගොඩක් දුප්පත් මිනිස්සු කියලා ... ඇත්තටම අපි මෙහෙ අය නෙමෙයි ... කරදර ගොඩකට මූනදීලා කරන්න දෙයක් නැතිම තැන මේ බංගලාවෙ දොස්තර මහත්තයාගෙ උදව්වෙන් තමයි අපි මෙහාට ආවෙ.. දොස්තර මහත්තයා කියන්නෙ අපේ මහත්තයාගෙ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් ... ඉතින් ඒ මහත්තයා උදව් කලා අපිට මෙහෙ පිලිවලක් වෙන්න.. ඒ කරදර කාලේ තමා මට මේ දරුවව හම්බවෙන්න හිටියෙ ඊට කලින් දරුවෙක් හම්බවෙලා තිබ්බත් වෙච්චි දේවල් එක්ක මම ගොඩක් දුර්වල වෙලා හිටියෙ ... ඉතින් මට දරුව ලැබෙන දිනේ වෙනකන් වත් එයාව  බඩේ තියාගෙන ඉන්න බැරි උනා.. ඒකත් මොන කරුමෙකටද කියන්න දන්නෙ නෑ පුතාව හම්බුනේ මාස අටෙන් ...  ඉතින ඒ හම්බවෙද්දිම මගෙ කොල්ලා ලෙඩි..න්..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now