❤️ දොලොස්වන දිගහැරීම 💚

351 117 15
                                    

ශාන්ගී ගෙ චිත්‍රෙ බලපු මට මම ඇදලා තියෙන්නෙ මොකද්ද කියලා හිතුනා. මෙච්චර කාලෙයක් මම හිතාගෙම හිටියෙ මට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් කියලා ඒත් ඒක එහෙම නෑ වගේ.. ශාන්ගී ගේ චිත්‍රෙ නිකන් ෆොටෝ එකක්  වගේ.. එච්චරට ලස්සනයි

ලස්සනයි ද යීබෝ ..

මම ඔව් කියන්න ඔලුව වැනුවා..

මොකද නිකන් නොකියා බැරි කමට ලස්සනයි කියනව වගේ ඔලුව වැනුවෙ..

මම එහෙම නෑ කියන්න ඔලුව වැනුවා..

කෝ බලන්න ඔයාගෙ එක..

මම එයාට අතින් ඔහොම්මම ඉන්න කියලා ආයෙත් මම හිටපු තැනට ගිහින් මගේ චිත්‍රෙ අන්තිම ටික සම්පූර්ණ කරන්න පටන් ගත්තා
පැස්ටල් අරන් ආවත්, මම කලේ පෙන්සිල් ආර්ට් එකක්.. එක එක වර්ණ ගලපලා චිත්‍රෙ ලස්සන කරනවට වඩා කලු සුදු වර්ණ ගලපලා චිත්‍රෙ ලස්සන කරන්න හිතිච්ච හින්දා මම පැන්සලෙනම පාට කරන්න හිතුවත් දැන් මට හිතෙනව ඒකෙ ඇති ලස්සනක් නෑ කියලා.. කොහොම හරි අන්තිම ටිකත් ඉවර කරගෙන මම චිත්‍ර පොතත් අරගෙන ශාන්ගී ගාවට ගියා..

කෝ බලන්න පුංචි සිත්තරාගෙ චිත්‍රෙ ..

මම චිත්‍රෙ පෙන්නුවම එයා ගොඩාක් වෙලා ඒක දිහා බලාගෙන හිටිය. අනේ ඉතින් ඒකෙ අඩුපාඩු ගොඩයි නෙහ්..

"ශාන්ගී මම පස්සෙ තව එකක් අදින්නම්.." මම එහෙම ලියලා එයාට තට්ටුවක් දාලා ඒක පෙන්නුව..

එතකොට එයා ආයෙමත් මගෙ දිහායි චිත්‍රෙ දිහායි මම ලිව්ව එක දිහායි මාරුවෙන් මාරුවට බලලා..

ඇයි ආයෙ අදින්නේ.. කියලා ඇහුවා..

" ඒක කැතයි අනේ"

කවුද කියන්නෙ ..

.......

ඒක ගොඩක් ලස්සනයි ...

"එහෙනම් ඔයා මූන අමුතු කරන් බලාගෙන හිටියෙ.."

නෑ.. මම බලාගෙන.. හිටියේ... ඒක .. ඒක...

මම ඇයි කියල අහන්න එයාගෙ මූන දිහා බැලුවා..

ඒක මම අදින්න හිතාගෙන හිටපු චිත්‍රෙ ..

" ඒ කිව්වෙ"

මම හිතාගෙන හිටියෙ ඔයාවත් අල්ලලා චිත්‍රෙ අදින්න ඒත් මට බැරි උනා.. ඒකයි ගග විතරක් ෆෝකස් කරලා ඇන්දේ.. ඒත් ඔයා ඒක ඇදලා.. මේ මමද..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now