47 🚩 - ( ' 3')

Depuis le début
                                    

ඒ අස්සෙ අපේ jimin hyung කුකීගෙ ඇද උඩට නැගලා එයාව තද කරලා බදාගන්නවත් මට යන්තමට වගේ පෙනුනා...

' ඒකත් හොදයි !
මගෙ කුකී කොහොමත් මට වඩා ආදරේ jimin hyung ට නේ..
ඉතින් මේ වෙලාවෙ එයා මගේ කුකී ළඟින් ඉන්න එක ඕනිවටත් වඩා හොදයි.. '

එහෙම හිතන ගමන් මම මගේ කදුළු පිහිදගත්තා..

ඒත් ඇත්තම කිව්වොත් ඒ ගැන මගේ හිතේ පොඩි ඉරිසියාවක්, දුකක්, තරහක් වගේ හැගීමක් නොතිබ්බමත් නෙවේ... නමුත් මං ඒක මගේ හිත ඇතුලෙම හංගන්න උත්සහ කලා... මගේ කුකී වෙනුවෙන් !!

අනිත් අයට දැන් මාව ටිකක් අමතක වෙලා තිබ්බෙ... මොකද මේ වෙද්දි එයාලා එයාලගෙ සම්පූර්ණ අවධානෙ මගෙ කුකී වෙනුවෙන්ම විතරක් වෙන් කරල තිබ්බ...

මටත් එයාලා ගාවට ඉක්මනින්ම යන්න ඕනි වුණත් මගේ කකුල් වලට පොඩ්ඩක්වත් හෙලවෙන්න බැරිවෙන්න ලොක් එකක් දාලා වගේ මට දැනුණේ.. හරියට නිකන් මාව එකතැන ගල් වෙලා වගේ...

ඔහොම ඉද්දි මං දැක්කා අපේ අප්පා ගොඩක් කලබලෙන් වගේ room එකෙන් එළියට ගිහින් පස්සෙ කුකීගෙ doctor වත් එක්කගෙනම ආපහු room එක ඇතුලට එනවා... 

ඊළඟ තප්පරේ ඒ doctor කුකීව check කරන අතරෙම අපෙ පපාලට මොනවහරි කියලා ගොඩක් ලස්සනට හිනාවුණේ අනිත් හැමෝගෙම මූණු වලත් ඒ ලස්සන හිනාව ඒ මොහොතෙ දි ඒ විදියටම ඇදෙද්දි...

' දැන් නම් හැමදේම හොදින් වගේ ! '

ඔය ඔක්කොම දිහා ටිකක් ඈතට වෙලා ඉදන් කදුළු පිරුණු ඇස් එක්ක බලාගෙන හිටපු මගෙත් කට පුරා පුංචි හිනාවක් ඇදුනේ ඒ වෙලාවෙ මම මගේ හදවතින්ම සතුටු වුණ නිසා ...

🐆 - " මගේ මැණික දැන් හොදින්.. "

හිත ඇතුලෙ දෝංකාර දෙන ඒ වචන ටික මට නොදැනුවත්වම මගේ කටින් පිට වෙද්දි මං එහෙම්මම ඊට ටිකක් එහායින් තිබ්බ Washroom එකට ගියේ මගේ හිතේ තියන බර ටිකක් නිදහස් කරගන්න.

.
.
.
.

🐹 - " ටේ බබා.....

මගෙ පැටියො ඔයා ඇතුලෙද !?

ටේහියුන් !! "

මම Washroom එකට ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සෙ මගෙ පපා ටිකක් හයියෙන් ඒකෙ දොරට තට්ටු කරන ගමන් මට කතා කලේ මං ඇතුලෙ තිබ්බ sink එකට බර වෙලා ඉදන් මගේ කදුළු වලට නිදහසේ ගලන් යන්න ඉඩ දීලා බලගෙන ඉන්න කොට...

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Où les histoires vivent. Découvrez maintenant