No - 00

1.7K 184 28
                                    

මම එයාව මුලින්ම දැක්කේ වේගෙන් ඇදිලා යන බස් එක අල්ලන්න දුවගෙන එද්දී...

කොටට කපලා තිබ්බ කොණ්ඩේ හුලගට පාවෙද්දී හති දාගෙන ඇවිත් එයා බස් එකට නැග්ගා.

කොටින්ම කිව්වොත් එයා නැග්ගේ පිටිපස්සෙ දොරෙන් ...

ඒත් මම හිටියේ බස් එක මැදට වෙන්න...

කොල්ලෙක් වගේ කොට කොණ්ඩෙට එක පැත්තකට දාපු බෑග් එක හරියට එයාව පෙනුනේ කොල්ලෙක් ගවුමක් ඇදගෙන හිටියා වගේ...

නරකම නෑ එයාට කොල්ලෙක් කිව්වා නම්..

ඒත් මම ආස නෑ කොට කොණ්ඩෙට..

මොකද මගේ ආච්චි අම්මා කියන්නේ කෙල්ලෙක්ගේ ලස්සන තියෙන්නේ දිග කොණ්ඩෙක කියලා....

මගේ කොණ්ඩය ඉණ ගාවට දිගයි. තනි කරලට කොණ්ඩේ බැදලා තමයි යන තැනක යන්නේ...

කපපු කාලයක් මතක නෑ.. මොකද අපේ ගෙදර උදවිය මට වඩා මගේ කොණ්ඩෙට ආදරේ නිසා...

"පළවෙනි බෝධිය ගාව... බහින අය බහින්න!!" කොන්දොස්තර කෑ ගහනකොට තමයි මම පියවි ලෝකෙට ආවේ...

මම සෙනග අස්සෙන් එබිලා කොහොමහරි එළියට ආවෙත්...

ෆුට් බෝඩ් එකේ හිටිය එයාගේ ඇස්වල අතරමං උනෙත් එකටමයි...

ඒ අතර මම එයාගේ නොදැක්ක ලස්සනක් දැක්කා...

වොහ්... එයාගේ ඇහිබැමේ කෑල්ලක් ලෙෆ්ට්?!

__________________

බාදුරා මල... ඔය ලෙස් ද , බයි ද , කෝප්ප ද , පිගන්ද නෙවෙයි...

එයාට කැමති දේ එයා දෙනවා..

#බාදුරා_මල ❤️

#බාදුරා_මල ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now