CHAPTER 42

1.1K 320 65
                                    


" මම ආදරෙයි ... මම ආදරෙයි ටේහ්‍යුන්ග් ... මම ආදරෙයි.. "

ටේහ්‍යුන්ග් ගේ එක් අතක් තම ඉන වටා තදින් එතී පැවතීම නිසාම කිසිදු බියක් නොමැතිව තම දෑත් දෙපසට විහිදුවා ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙනා අසු සුලග කපාගෙන ඉදිරියට ඇදෙද්දී වුවද ඔහුගේ තාලයට අනුවම සමබරතාවය රැකගත් ජංකුක් සිතෙහි වූ ප්‍රීතියත් සමග කෑ ගසන්නට විය.. තමාට හැකි උපරිම ශබ්දයෙන් කෑ ගසා තම ආදරය ප්‍රකාශ කරන්නට විය..

" තව හයියෙන් ඒක කියන්න මයි ලව් .. තව හයියෙන් ."

ඒ අතර තුර එක් අතර ජංකුක් ගේ ඉනෙහි රදවාගෙන සිටි ටේහ්‍යුන්ග් අනෙක් අත අසුගේ නාස් ලනුව වෙත ගෙනගොස් අසුගේ වේගය තව තවත් වැඩි කරමින් කෑ ගැසුවේය ...

සුදු පැහැති කමිසයක් හැද ඉදිරිපස වූ බොත්තම් දෙකක් පමන ගලවාගෙන සුලග කපාගෙන ඉදිරියට යන අසු මත සිටි ජංකුක්ද , කලු පැහැති කමිසයක් හැද තම කැරලි ගැසුනු කොන්ඩයද ගැට ගසාගෙන අසුගේ රිද්මය පරයමින් ඔහුව ඉතා වේගයෙන් ඉදිරියට රැගෙන ගිය ටේහ්‍යුන්ග් ද විශාල වූ සටනකින් පසුව කෙමීගෙන් ලබා ගත් දික්කසාද ලියවිල්ලත් සමග මෙසේ සිතෙහි වූ සතුට සමරමින් අසුන් පදින්නට විය..

කිම් පවුලට අයත් දේපල වලින් විශාල වූ ප්‍රතිශතයක් දික්කසාද වන්දි වශයෙන් කෙමී හට ලබා දීමට සිදු වුවද ඒ පිලිබදව කිසිදු පසැතැවීමක් නොමැති වූ ජංකුක් සහ ටේහ්‍යුන්ග් නිදහසේ සුලග අතරින් ඉදිරියට ගමන් කලේය..

ඔවුන් තුල වූ සතුට හදුනා ගත් precher නැමැති වේගවත් කලු අසුද එය සැමරීමට මෙන් ඉතා වේගයෙන් සහ උද්‍යෝගයෙන් යුතුව ටේහ්‍යුන්ග් ගේ පාලනයට යටත්ව ගමන් කරනා ඒ දර්ශනය ඇත්තෙන්ම දකිනා ඕනෑම අයෙකුගේ සිත ප්‍රීතියෙන් පිරවූයේය..

.
.
" N - E - I - G - H ...N - YI - HA - HA.. "
.

නමුදු එක් වරම ටේහ්‍යුන්ග් විසින් නාස් ලනුව ඉතා තදින් ඇදීම නිසා කලබල වී පිටුපස පා දෙකෙන් එසවුනු කලු පැහැති අසු තම හිසද දෙපස ට වනමින් හිසෙහි වූ කලු පැහැති ඝන කේශර වලද මනරම් බව පසක් කරමින් නැගී සිටින්නට විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now