CHAPTER 34

1.1K 316 119
                                    

තමා කොතරම් මුදල් වියදම් කොට වර්තමාන ඇමති මඩුල්ලේ පක්ශපාතීත්වය ලබා ගෙන සමලිංගික නිදහස වෙනුවෙන් වූ පනත සම්මත කර  ගැනීමට උත්සාහ කලද තුන්වන වරටත් සිත තුලු වූ සියලු අපේක්ෂාවන් බිද දමමින් එය අසාර්ථක වීම නිසා විශාල වූ වේදනාවකින් මෙන්ම දරා ගත නොහැකි තරමින් වූ කේන්තියකින් යුතුව ඇඳ සිටි කලු පැහැති සිල්ක් ටයි එක ගලවමින් lake house ඉදිරිපිට නැවතූ තමා පැමිනි මෝටරථය තුලින් ජංකුක්  බසින්නට විය..

නමුදු ඔහු මෝටරථයෙන් බසිනා විට අහම්බෙන් මෙන් ඔහුගේ දෙනෙත් දෙවන මහලෙහි වූ ටේහ්‍යුන්ග් ගේ කාමරය තුල වූ ජනේලය වෙත යොමු වීමද , ඒතුලින් උඩු කයද නිරුවත්ව සම්පූර්ණයෙන්ම පිරවූ වයින් විදුරුවක්ද අතැතිව සිටිනා ටේහ්‍යුන්ග් ගේ රුව ජංකුක් ගේ නෙත ගැටීමද ජංකුක් හට තත්පර ගනනකට හෝ හුස්ම ගැනීම පවා අමතක කලේය..

ඔහු මේ දකිනුයේ සිහිනයක් ද නොමැතිනම් මේ වෙලෙහි තමාගේ සිත තුල ඇති නොසන්සුන් කම නිසාම දකිනා දෙයක්ද යැයි නිවැරදිව සිතා ගත නොහැකි වූ ජංකුක් තම අතැගිලි වලින් තම දෑස් පිසදා ගෙනම ඉහලට කෙටි හුස්මක් ගෙන නොසන්සුන් වී තිබෙනා තම සිත සන්සුන් කර ගැනීමට උත්සාහ කොට නැවත වරක් තම දෑස් ටේහ්‍යුන්ග් ගේ කාමරය වෙතට යොමු කලේය..

නමුදු කිසිදු වෙනසක් නොමැතිව කැරලි ගැසුනු රන් පැහැති හිස කෙස් පිටු පසට වන්නට ගැට ගසාගෙන නමුදු ඉදිරිපස නලල සහ කන් අතරට වන පරිදි නිදහසේ වැටී තිබූ අතැම් වූ කැරලි ගැසුනු හිසකෙස් රොදවල් සමගින් , පෘෂ්ටිමත්  බවින් පරිපූර්ණ වූ ගෙල සහ පපුව නිරාවරණය  වන පරිදි උඩු කයද නිරුවත්ව කලින් සම්පූර්ණයෙන්ම පිරවී තිබූ වයින් විදුරුවෙහි අඩියෙහි පමනක් ස්වල්පයක් වූ වයින් ප්‍රමානයක් ඉතුරු වූ වයින් වීදුරුව අතෙහි තබා ගෙන සිටිනා ටේහ්‍යුන්ග් ව නැවත වරක් ජංකුක් දුටුවේය ..

තමා උදෑසන යන විට ටේහ්‍යුන්ග් හට ඔහුගේ උදෑසන බෙහෙත් පෙති සමග නිදි පෙතිද ලබා දුන් බවට නිවැරදි වූ මතකයක් තිබූ ජංකුක් හට මෙලෙස ටේහ්‍යුන්ග්  සිටින්නේ කෙලෙසද , ඔහු අත වයින් වීදුරුවක් තිබෙන්නේ කෙලෙසද , එමෙන්ම මේ සිදු වන්නේ කුමක්ද පිලිබදව කිසිදු දෙයක් සිතා ගත නොහැකි විය..

My White calla Lily [ Completed ]Kde žijí příběhy. Začni objevovat