CHAPTER 05

2.2K 607 116
                                    


සෙයිසු උසස් පාසල ඉදිරිපිට තිබූ විශාල ගේට්ටුව අසලට වී තම මිතුරිය වන පාර්ක් කෙමීගේ පැමිනීම බලාපොරොත්තුවෙන් ජංකුක් රැදී සිටින්නට වූයේය..

සාමාන්‍යයෙන් ජංකුක් පාසලට පැමිනීමට පෙර, පාසලට පැමින ජංකුක් පැමිනෙන තෙක් ගේට්ටුව අසල රැදී සිටීම ඇයගේ පුරුද්දක් විය. නමුත් සතියේ ආරම්භක සදුදා දිනය වූ එදින ඇය තවමත් පාසලට නොපැමිනීම ජංකුක් ගේ සිත නොසන්සුන් කරන්නට පටන්ගත්තේය..

පාසල ආරම්බ කරනා වේලාවද ආසන්න වූ බැවින් එහි වූ මුරකරු ගේට්ටුව වසා දැමීමට තැත් කරනවාත් සමගම ඇයගේ නොපැමිනිම පිලිබදව සිතමින්ම ජංකුක් පාසල වෙත ඇතුලු වී තම පන්ති කාමරය දෙසට ගමන් ගන්නට විය...

" ඒයි... pretty boy ... කෝ අද ඔයාගේ bodyguard ? "

තම පිටුපසින් ඇසුනු ඒ කටහඩත් සමගම තිගැස්සී ගිය ජංකුක් ඔහුට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තම පන්ති කාමරය වෙත තව තවත් වේගයෙන් ගමන් කරන්නට වූයේ කටහඩින්ම ඒ කවුරුන්දැයි ඔහු හදුනා ගත් නිසාය...

නමින් බී යුන් වූ ඔහු පාසල තුල සිටිනා බයානකම පුද්ගලයා බවට ජංකුක් විශ්වාස කරන්නට වූයේය.. ජංකුක් දකිනා සෑම විටකම pretty boy ලෙස ඔහුට ඇමතීමට හා විසුලු කිරීමටද පුරුදුව සිටි ඔහු එවක සිටි මහජන ඇමති වූ සෝ වූ සින් මහතාගේ එකම පුතුනුවන් විය..

එනිසාම තම පියාගේ බලයෙන් මත් වූ බී යුන් ශිෂ්‍යත්වයන් ලබා පාසලට පැමිනෙන ළමුන්ට තම යහලුවන් සමග එකතු වී විවිදාකාරයේ වදහිංසාවන්ට ලක් කරනා අයෙකු විය.. මේ නිසාම සමහරෙකු ඔවුන්ගේ එම ක්‍රියාවන් ඉවසා ගත නොහැකිව පාසලෙන් ඉවත්ව ගිය අතර තවත් සමහරෙකු තව දුරටත් පාසලෙහි රැදී සිටිමට තිබූ වුවමනාව නිසාම ඔවුන්ගේ හිතැගි ඉටු කරනා අත වැසියන් ලෙස කටයුතු කලේය..

නමුත් ඔහු තමාට අනෙක් ළමුන්ට වඩා මෘදු ලෙස සලකනා බව ජංකුක්ට දැනුනේය.. ඔහු pretty boy ලෙස අමතා ජංකුක්ව අපහසුතාවයට පමනක් පත් කිරීමට කටයුතු කල අතර තමාටද අනෙක් ළමුන්ට මෙන් හිංසා නොකරන්නේ මන්දැයි ජංකුක් සමහර දිනයන්හීදී සිතන්නට විය.. නමුත් තම මිතුරිය වූ පාර්ක් කෙමී නිරන්තරයෙන්ම තමා පිටුපස සිටීම එයට ඇති එකම හේතුව ලෙසද ජංකුක් විශ්වාස කලේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now