CHAPTER 31

1K 334 148
                                    

ඒ 1985 වර්ෂයේ වස්සානයේ එක් ලස්සන දිනයක් විය..

මීට සති කිහිපයකට පෙර නාන  බේසම තුල තම ජීවිතය අත් හැරීමට සූදානම් වූවද  ඒ මොහොතෙහි ජිමින් රැගෙන ආ පනිවිඩය නිසාම නැවත වරක් බලාපොරොත්තු රාශියකින් තම සිත පුරවා ගත් ජංකුක්  ටේහ්‍යුන්ග් ගේ උනුසුම් වූ පපුවට තුරුලු වී සිටියේය..

ටේහ්‍යුන්ග් ගේ දෙතොල් තම නලල මත තිබීමද , ඔහුගේ අතැගිලි තම හිස කෙස් අතරින් ගමන් ගන්නා බව දැනීමද නිසා විශාල දූ ප්‍රීතියකින් සිටි ජංකුක් තව තවත් ටේහ්‍යුන්ග් හට තුරුලු වී තම දෑස් පියාගෙන සිටියේය..

" my love.. මම ආදරෙයි.. වචනෙන් කියන්න බැරි තරම් මම ආදරෙයි.. මට වත් තේරුම් ගන්න බැරි තරම් මම ආදරෙයි.. ඒක රාගය නෙවෙයි my love.. ඔයාට පුලුවන් විශ්වාස කරන්න ඒක රාගයෙන් එහාට ගිය හැගීමක් කියලා.. හැබැයි ඒ හැගීම රාගයත් එක්ක එකතු වුනාම පරිපූර්ණ වෙන දෙයක් කියලා.. මට සමාවෙන්න ..  ඔය හිතට මෙච්චර ලොකු දුකක් දුන්නට මට සමාවෙන්න  my love..  මම පොරොන්දු වෙන්නම්.. ආයි කවදාවත්ම එහෙම දුකක් දෙන්නේ නෑ කියලා.. කවදාකවත්ම.. "

තම උනුසුමට තුරුලු වී සිටිනා ජංකුක් ගේ උනුසුම් කදුලැලි තම පපුව පුරා ගලා යන බව දැනුනු ටේහ්‍යුන්ග් තව තවත් ඔහුව තමා වෙත තුරුලු කොට ගනිමින් පැවසුවේය..

" ආයි..ආයි කවදාවත්ම ... කවදාවත්ම මාව මෙහෙම තනි කරන්න එපා ටේහ්‍යුන්ග්  .. මට දැනුනේ මගේ පපුව හිර වෙලා වගේ.. මට විශ්වාසයක් තිබුනේ නෑ මම ජීවත් වෙනවද නැද්ද කියලා වත්.. මම අතරමං වෙලා හිටියේ.. අපේ මතක.. අපේ ආදරය ඇතුලේ මම අතරමං වෙලා හිටියේ.. ඒ දවස් මට ආයි මතක් කරන්න ඕනි නෑ.. මාව පණපිටින් පුච්චපු ඒ හැගීම් මට ආයි මතක් කරන්න ඕනි නෑ.. ආයි කවදාවත්ම මගෙන් ඈතට යන්න එපා.. ඒ පරිපූර්ණ ආදරෙන් මාව ඇත් කරන්න එපා.. "

තම දෙනෙතින් නොනැවතී කදුලු කැට කඩා හැලෙද්දී තම සිතෙහි වූ දුක වචන කල ජංකුක් හඩා වැටෙන්නට විය . ඔහුව නැවත වරක් තනි නොකරනා ලෙසට ඉල්ලා සිටින්නට විය.

නමුදු ජංකුක් පැවසූ එක් දෙයක් නිසා තොල් අතර සිනහවක් රන්දාගත් ටේහ්‍යුන්ග් සෑහෙන කලකට පසුව ජංකුක්ව යට කොට ගෙන  ඔහුගේ සිරුර මතට පැමිනියේය..

My White calla Lily [ Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin