CHAPTER 24

1K 325 100
                                    


තද කලු පැහැති මිල අදික වූ සිල්ක් hanbok එකකින් සැරසුනු වයස අවුරුදු තිහක් පමන වන ඉතා සරාගී දෑස් දෙපලක් සහ තියුනු වූ බැල්මක් සහිත ආරක්ශකයන් කිහිප දෙනෙකු වට කොට ගෙන සිටි චෝයි දෝමී නම් කාන්තාවගේ දෑස් තැබෑරුම මද්‍යයේ සිට ගිටාරයක් ද අතැතිව ඉංග්‍රිසි ගීයක් ගයමින් සිටි ටේහ්‍යුන්ග් වෙතට යොමුව තිබෙන්නට විය..

ඔහුගේ කොල පැහැති දෑස් ද , ගැට ගසා තිබූ රන් පැහැති කැරලි ගැසුනු හිස කෙස්ද , පිරුනු මාංශ පේශී සහිත වූ හැඩි දැඩි සිරුරද දකිනා විට මෙවැනි තැනක මෙලෙස සිටීමට ඔහු නොවටිනා බවද , ඔහු නිසැක වශයෙන්ම සැප ජිවිතයක් සහිතව වැඩුනු පුද්ගලයෙකු  බවද ඇය සිතන්නට වූයේය ..

ඔහුගේ ගායනය අවසන් වී තැබැරුමෙන් ඔහු පිට වන තුරුම ඔහු දෙසම බලා සිටි චෝයී දෝමී ඔහු පිටව ගිය පසු තැබෑරුමෙහි අයිතිකරුගෙන් ඔහු පිලිබදව විමසුවේය..

එහිදී ඔහු විසින් එම කඩවසම් තරුනයාගේ නම කිම් ටේහන් වන බව පමනක්  දන්නා බවද , ඔහු මෑත කාලයේදී මේ නගරයට පැමින ඇති බවද , ඔහුගේ ගායනට ඇති හැකියාව නිසාම ඔහුට මෙම රැකියාව ලබා දුන් බවද , ඉන් ඔබ්බට ඔහු පිලිබදව කිසිදු තොරතුරක් තමා නොදන්නා බවද ඔහු පවසන්නට විය..

ඒ වදන්ද සමගින් චෝයි දෝමී ගේ හිත තුල හට ගත් කුතුහලයත් සමගම එම කඩවසම් පුද්ගලයා පිලිබදව සිතමින්ම ඇය තැබෑරුමෙන් නික්ම ගියේය.. නමුදු ගම් චූන් නගරයේ විශාලතම  නාට්‍යාංගනා නිවසෙහි ප්‍රදාන පාලිකාව හා ප්‍රදාන නාට්‍යාංගනාව වූ චෝයි දොමී තමා දුටු කඩවසම් සිරුර පිලිබදව ගැබුරින් සිතන්නට විය.. 

එම සිතුවිලිත් සමගම නැවත වරක් නාට්‍යාංගනා නිවස  වෙත පැමිනි අය හමුවීමට සෝල් නගරයේ සිට පැමිනි ධනවතෙකු රැදී සිටින්නට වූයේය..

හමුවීම සතුටක් මහත්මයා... මගෙන් මොන වගේ උපකාරයක් ද ඔබතුමාට අවශ්‍ය ?

තමා හමුවීමට පැමිනි අනාරාධිත අමුත්තාව කුටියක් තුලට රැගෙන ගොස් ඔහු අත වූ බදුනට මත් පැන් වක් කරනා අතරතුර ඇය විමසුවේය..

නමුදු ඇය කිසිදිනක නොසිතූ ලෙස එම පුද්ගලයා ඇය මීට සුලු මොහොතකට පෙර දුටු කඩවසම් තරුනයාගේ සහ තවත් තරුනයෙකුගේ චායාරූප කිහිපයක් ඇය වෙත පෙන්වා ඔවුන් මේ නගරය තුල දැක ඇතැයිද ?  තමා හට ඔවුන්ව සොයා ගැනීමට උපකාර කරනා ලෙසද පැවසීම චෝයී දෝමී ව පුදුම කරන්නට විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now