CHAPTER 27

998 319 103
                                    

ගුඩ් මෝනින් my love..

තවමත් සුව පහසු නින්දක වූ ජංකුක් දෙස බලා ඔහුගේ නලල සිප ගත් ටේහ්‍යුන්ග් අසල වූ කෝට් එකද රැගෙන කාමරයෙන් පිටතට යාමට සැරසුනේය..

නමුදු ඔහු නොසිතූ ලෙස ඔහුගේ අතින් අල්ලා ගත් ජංකුක් , මෙතරම් උදෑසනින් ඔහු පිටව යාමට සූදානම් වී ඇත්තේ කොහිදැයි ප්‍රශ්න කලේය..

ඒකේ තියෙන්නේ නීතිවිරෝධී  මත්ද්‍රව්‍යයක් නෙවෙයි කියලා මට හිතන්න පුලුවන් නේද ටේහ්‍යුන්ග් ?

තමා හට ඉටු කිරීමට කාර්‍යක් ඇති බවද   අයෙකුට ලබා දීමට පාර්සලයක්ද ඇති බවද  ටේහ්‍යුන්ග් පැවසීමත් සමගම හිත තුල වූ කුතුහලයත් නිසාම ජංකුක්, ටේහ්‍යුන්ග් ගෙන් ප්‍රශ්න කරන්නට විය..

ඇත්තෙන්ම ජංකුක් මුලු හදවතින්ම චෝයී දොමී නම් නාට්‍යාංගනාවටද , ඇය ගේ  නීතිවිරෝධී ව්‍යාපාර සදහා ඇය ටේහ්‍යුන්ග්ව විටෙක යෙදවීමද, එම නිසාම දවසේ වැඩි හරියක් ටේහ්‍යුන්ග් තමාගෙන් දුරස් වී සිටීමද , ටේහ්‍යුන්ග් මින් පෙර කිසි දිනක ඇසුරු කර නොමැති ආකාරයේ දරුනු වූ පුද්ගලයන් එම නිසාම ඇසුරු කිරීමද , පෙර නොවූ ලෙස සෑම දිනකම රාත්‍රී වන තුරු යහලුවන් හා මත්පැන් ගනිමින් විනෝද වීමට ඔහු පුරුදු වීමටද දැඩි ලෙස වෛර කරන්නට විය..

නමුදු මේ ගෙවෙන්නේ ඔවුන් කොරියාව තුල ගෙවා දමනා අවසන් දින කිහිපය යැයි විශ්වාස කල  නිසාම තමා ඇසූ පැනයට කිසිදු පිලිතුරු ලබා නොදී නැවත වරක් තම හිස සිප කාමරයෙන් පිටව යන ටේහ්‍යුන්ග් ව වැලැක්වීමට ජංකුක් හට වුවමනා නොවුනේය.. එනිසාම ඔහුගේ රුව නොපෙනී යනතුරුම ඔහු දෙස බලාසිටි ජංකුක් අපිලිවෙල වී තිබූ ඇද ඇතිරිලිද නැවත වරක් පිලිවෙලට සකස් කොට කාමරයෙන් පිටතට ගමන් කලේය..

නමුදු දිනකට දෙතුන් වරක් හෝ ටේහ්‍යුන්ග් හට ප්‍රදාන පාලිකාව වූ චෝයි දෝමි ගෙන් ඇයගේ කුටියට පැමිනෙන ලෙසට අරාදනා ලැබුනද , කිසි දිනක මින්පෙර ජංකුක් හට ඇයගෙන් ආරාධනා නොලැබුනද, අද දින ඇය ජංකුක් හට කුටිය තුලට පැමිනෙන ලෙස ආරාධනා කිරීම ජංකුක් ව මුලු මනින්ම ව්‍යාකූල කලේය..  තමා මෙහි පැමිනි දින සිට තමා හට ඉතා අල්ප වූ අවදානයක් හෝ යොමු නොකල ඇය අද දින තමා සමග කුමක් පිලිබදව සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ දැයි ජංකුක් හට සිතා ගත නොහැකි විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now