CHAPTER 33

1K 320 104
                                    

ජංකුක් තම නළල සිප කාමරයෙන් පිටතට යන තුරුම තම දෑස් වසාගෙන සිටි ටේහ්‍යුන්ග්  ,  ජංකුක් කාමරයෙන් නික්ම ගිය පසු ඉක්මනින් නානකාමරය වෙත ගොස් මෙතරම් වේලාවක් දිව යට සගවාගෙන සිටි බෙහෙත් පෙති කිහිපයක් සින්ක් එකට දමා තම මුව සෝදා ගත්තේය..

සෑම දිනකම තමා උදැසන ආහාරය ගෙන පසුව ජංකුක් විසින් ලබා දෙන බෙහෙත් පෙති කිහිපය ගත් පසු තමා හට පාලනය කර ගත නොහැකි තරමේ නිදිමතක් දැනීමද , තමා නැවත වරක් අවදිවන විට රාත්‍රී වීමට ආසන්න වී තිබීමද , ඒ සෑම දිනකම ජංකුක් තමා අසල සිටියද ඔහුගේ කිනම් හෝ වෙනසක් ටේහ්‍යුන්ග් වෙත දැනීමද නිසා ටේහ්‍යුන්ග් මෙලෙස ජංකුක් තමා හට ලබා දුන් බෙහෙත් පෙති ප්‍රතික්ෂේප කරන්නට  විය..

ඒත් සමගම මෝටරථයක් පණගන්වන ශබ්දයක් ඇසීම නිසා කලබල වූ ටේහ්‍යුන්ග් ඉක්මනින්ම කාමරය වෙතට ගොස් එහි වූ ජනේලයේ තිර රෙද්ද මදක් ඉවත් කොට ඒ දෙස බලා සිටියේය..

එවිට ජංකුක් , ජිමින් සහ තවත් පුද්ගලයෙකු පැමින මෝටරථයට ගොඩ වන ආකාරයද , විශාල ආරක්ශකයන් පිරිසක් සිටිනා ප්‍රදාන ගේට්ටුව එම මෝටරථය පිටවීම සදහා විවිර වන ආකාරයද ජංකුක් ගොඩ වූ මෝටරථය පිටුපසින් තවත් වාහන කිහිපයක් ගමන් කිරීමද , ඊට අමතරව ඒ සෑම වාහනයකටම පොදු වූ ලාංජනයක් සහිත අංක තහඩු තිබීමද , එවැනි අංක තහඩු සාමාන්‍යයෙන් දේශපාලනයට සම්බන්ද පුද්ගයන් හට පමනක් හිමි වීමද ටේහ්‍යුන්ග් ව ව්‍යාකූල කලේය..

ටේහ්‍යුන්ග් හට මේ සියල්ලක්ම පැටලිලි සහගතව දැනුනේය.. ජංකුක් තමා හට ලබා දුන් බෙහෙත් පිලිබදවද , ජංකුක් තමාව තනිකර දමා යාම පිලිබදවද , ජංකුක් සමග ජිමින් ගමන් කිරීමට හේතුවද , ඒ සියල්ලටම වඩා  තමා හට මින් පෙර කොහි හෝ දැක ඇති බවක් දැනුනු මැදි වයසත් ඉක්ම වූ ජංකුක් සමග මෝටරථයෙහි පිටුපස ආසුනෙහි වාඩි වූ එම පුද්ගලයා පිලිබදවද  ටේහ්‍යුන්ග් හට කුතුහලයක් දැනුනේය..

ඒ සියලුම හැගීම් සමගම විශාල වූ නොසන්සුන්කාරීත්වයක් දැනුනු ටේහ්‍යුන්ග්  එයින් මදකට හෝ මිදීමට අවැසි වූ නිසාම දුම් වැටියක් ගෙන තම තොල් අතර රදවා ගත්තේය.. නමුදු එය දල්වා ගැනීමට ලයිටර්යක් මුලු කාමරය තුලම සොයා ගත නොහැකි වූ ටේහ්‍යුන්ග් කාමරය තුල සිටම කවරෙකුට හෝ ලයිටර්යක් රැගෙන පැමිනෙන ලෙසට කෑ ගසා පැවසුවේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now