CHAPTER 04

2.2K 624 114
                                    


" N - E - I - G - H ...N - YI - HA - HA.. "

සති අන්තයේ දිනයක් වූ එදින ජංකුක් තවමත් තද නින්දේ පසුවූයේය.. නමුත් ඔහුට විටෙන් විට ඇසෙන අශ්වයෙකුගේ ශබ්දය නිසාම ඔහු තිගැස්සීමෙන් මෙන් අවදිවන්නට විය..

වෙලාව තවමත් උදෑසන හත පසු වී විනාඩි කිහිපයක් ගෙවී ගොස් තිබිනි.. ඉක්මනින්ම නින්දෙන් අවදිවූ ජංකුක් තම නිදන ඇද අසල වූ ජනේලය විවර කර ඒ හඩ ඇසෙනා දෙසට තම දෑස් යොමු කලේය..

Precher... ඔව් ඒ precher ... ඒත් කවුද ඒ එයාගේ පිටේ ඉන්නේ... ජනෙල් කවුලුව තුලින් තමා දකිනා දර්ශනය පිලිබදව සිතමින්ම ජංකුක් කල්පනා කලේය..

කලු පැහැති ශක්තිමත් අශ්වයෙකු වූ එම අශ්වයා prescheron නම් වර්ගයට අයත් වූ මිස්ටර් කිම් මහතාගේ ස්තාලයේ සිටිනා ශක්තිවන්තම මෙන්ම පාලනය කිරීමට අපහසුම වූ අශ්වයා විය.. ඉතාමත් ආඩම්බර ගති වලින් යුතු වු ඔහු නිරන්තරයෙන්ම තමාට ආහාර ලබා දිමට පැමිනෙන අයට මෙන්ම පිරිසිදු කිරීමට පැමිනෙන අයටද පා පහර එල්ල කිරීමට පුරුදුව සිටි අහංකාර අශ්වයෙකි... මේ හේතුන් නිසාම සෑමදෙනාම ඔහුව ස්පර්ශ කිරීම පවා ප්‍රතික්ෂේප කලේය..

එහෙත් මෙලෙස ඔහු මිනිසෙකුට හීලෑ වී ඊතලයක වේගයෙන් යුතුව නිදහසේ දිව යන සැටි දුටු ජංකුක් ඒ නිසැකවම පලපුරුද්දු අශ්වාරොහකයෙකු යැයි සිතුවේය... ඒ පිලිබදව ඔහු තුල වූ කුතුහලය නිසාම  ඉදිරිපස වූ බැල්කනිය වෙත දිව ගිය ජංකුක් තව තවත් වුවමනාවෙන් යුතුව ඒ දර්ශනය දෙස තම දෑස් යොමු කරන්නට  විය.

 ඒ පිලිබදව ඔහු තුල වූ කුතුහලය නිසාම  ඉදිරිපස වූ බැල්කනිය වෙත දිව ගිය ජංකුක් තව තවත් වුවමනාවෙන් යුතුව ඒ දර්ශනය දෙස තම දෑස් යොමු කරන්නට  විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මද වේලාවකින්  ඒ සිටින්නේ කඩවසම් ටේහ්‍යුන්ග් බව ජංකුක් හදුනා ගත්තේය.. ඇත්තෙන්ම ඊතලයක වේගයෙන් ඇදෙනා එම අසු සහ ඔහුව එලෙසට මෙහෙයවන ඒ කඩවසම් පුද්ගලයා දෙස බලා සිටීමද ජංකුක්  සිත් ඇදගන්නා සුලු දර්ශනයක් විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now