CHAPTER 19

1.5K 391 94
                                    

කිම් මහතා ට අයත් lake house හී සේවය කරනා තමාට හිතවත් සේවිකාවක් විසින් ලබා දුන් ටේහ්‍යුන්ග් ගේ කාමරය තුල වූ කුනු බදුනෙහි ගුලි කර විසි කර තිබූ සටහන් කිහිපයක් කෙමී විසින් කියවමින් සිටියේය..

ඉංග්‍රීසි භාශාවෙන් ලියා තිබූ එම සටහන් අධ්‍යනය කරනා විට ඒවායේ අන්තර්ගත වන්නේ  කවි හෝ නිසදස් වැනි යමක් බව ඇය තේරුම් ගන්නට වූ නමුත් පැරණි ඉංග්‍රීසි භාවිතයෙන් එය සටහන් කර තිබූ නිසාම ඒවායෙහි අර්ථය පිලිබදව නිවැරදි අවබෝධයක් ඇය හට ලබා ගත නොහැකි විය..  නමුත් අන්තර්ගත දෑ නිවැර්දි ව තේරුම් ගත නොහැකි ලෙසටම කපා කොටා තිබූ එක් සටහනක අවසාන කෙලවරෙහි  Nikolin Neb යන නම සදහන්ව ඇති බවක්  කෙමී හදුනා ගත්තේය..

කිසි දිනක අසා නොතිබූ එම නමද , එය එලෙස කටු ගා තිබීමට හේතුවද , එහි සටහන් ව ඇත්තේ නිසදසක් වැනි යමක් බැව්ද තේරුම් ගත් කෙමී සාහිත්‍ය පිලිබදව හොද අවබෝධයක් ඇති ජිමින් ගෙන් ඒ පිලිබදව විමසීම සදහාම ජිමින් හා තම පියා වන පාර්ක් මහතා සිටි විසිත්ත කාමරය වෙත ගමන් කලේය..

ඇය යන විටද කුමක් හෝ ව්‍යාපාර කටයුත්තක් පිලිබදව  ජිමින් සහ පාර්ක් මහතා ගැබුරු සංවාදයක නිරතව සිටියද ඒ පිලිබදව කිසිදු තැකීමක් සිදු නොකල කෙමී ඔවුන් හට බදා කොටම තම අත තිබූ සටහන් ජිමින් හට පෙන්වීය..

බලාපොරොත්තු නොවූ ලෙස විසිත්ත කාමරය වෙත කෙමී පැමිනෙන ආකාරයද , ඔවුන්ගේ කතාබහට බදා කොටම ඇය විසින් තමා වෙත කිනම් හෝ සටහන් කිහිපයක් දිගු කරනා ආකාරයද එවෙලෙහි ඇගේ දෑස් වල තිබූ කුතුහලය දෙසද ජිමින් කුතුහලයෙන් යුතුව බලා සිටියේය

නමුත් එම සටහන් ටේහ්‍යුන්ග් ගේ කාමරය තුලින් ගත් ඒවා බවද , ඒවායෙහි අන්තර්ගත පැරනි ඉංග්‍රීසි තමා හට තේරුම් ගත නොහැකි බවද , එක් සටහනක අන්තර්ගත ව තිබෙනා වූ Nikolin Neb යන නාමය පිලිබදව ඇය හට කිසිදු අදහසක් නොමැති බවද කෙමී විසින් ජිමින් හට පැවසීම ජිමින්ව ඇත්තෙන්ම පුදුම කලේය..

ඒවන විටද NiKolin Neb යන විශිෂ්ට සාහිත්‍යදරයාගේ නිර්මාන වලට ඇබ්බැහි වී එහි සාහිත්‍ය රසය නිදහසේ රස විදි ජිමින් නිරන්තරයෙන් ම ඔහුගේ නිර්මාණ තුල වූ අන්තර්ගතයන්ගෙන් සමලිංගිකත්වය යනු වරදක් නොවනා බවද එයද අනෙකුත් ආදර අන්දරයන් මෙන්ම ආදරනීය දෙයක් පමණක් බැව්ද සමාජය ඉදිරියේ සනාථ කිරීමට උත්සාහ කල නිසාම දැනටමත් එම සහිත්‍යදරයාගේ රසිකයෙක් වි සිටියේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now