CHAPTER 30

1K 326 137
                                    

" මිස්ටර් පාර්ක්.. මෙතනින් මම ප්‍රතිකාර කරන්න ඕන මොන රෝගියටද ? "

කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව නිසොල්මන්ව වැතිර සිටිනා ටේහ්‍යුන්ග් අසලට ගොස් කුමක් හෝ ඔහු හට පවසමින් විටක ඔහුව සිප ගනිමින් තනිව සිනාසෙන ජංකුක් දෙස මද වේලාවක් බලා සිටි ජිමින් සමග පැමිනි වෛද්‍යවරයා කුතුහලයෙන් යුතුව ජිමින් ගෙන් විමසුවේය..

නමුදු ඔහු හට පිලිතුරක් ලබා නොදුන් ජිමින් තම උගුර පදා තමා ජංකුක් විසින් අපේක්ෂා වෙන් සිටි  දක්ශ වෛද්‍යවරයා සමග පැමින ඇති බව ජංකුක් හට හැගවූයේය..

" ආහ්.. ඔයාලා මම හිතුවටත් කලින් ඇවිත්.. මම ඇත්තටම කැමතී වෙලාවට වැඩ කරන අයට.. මම ජංකුක් ... කිම් ජංකුක් ... "

ටේහ්‍යුන්ග් ව පරීක්ෂා කිරීමට පැමිනි  වෛද්‍යවරයා ඉතා සුහදශීලී ලෙස පිලිගත් ජංකුක් , තමා ඔහු හට හදුන්වා දුන්නේය..

නමුදු වෛද්‍යවරයා ඔහු පිලිබදවද ,ඔහුගේ වෛද්‍ය අත්දැකීම් පිලිබදවද ජංකුක් හට පැවසීමට සූදානම් වෙද්දී ඔහුව වැලකූ ජංකුක් , ඉක්මනින්ම ටේහ්‍යුන්ග් ව පරීක්ෂා කරනා ලෙසද තමා හට සුබ පනිවිඩයක් පමනක් ලබා දෙන ලෙසටද  පැවසූවේය..

" මේ රෝගියගේ තත්වය බරපතලයි.. මගේ අත්දැකීම් එක්ක කියන්න පුලුවන් මෙයාගේ ජිවිතෙ ගැන අපිට බලාපොරොත්තු තියා ගන්න ටිකක් අමාරුයි කියලා. මම හිතන්නේ ඒක නාස්තියක්..  මේ වගේ තත්වයක ඉන්න රෝගියෙක් වෙනුවෙන් බලාපොරොත්තු තියා ගන්න එක අපරාධයක්.. "

වසර ගනනක ඇත්දැකීම් තිබූ එම වෛද්‍යවරයා ‍ ටේහ්‍යුන්ග් ව ඉතා හොදින් පරීක්ෂා කොට තම අවසන් නිගමනය ජංකුක් හට පැවසුවේය..  නමුදු ඔහු නොදුටුවේය.. ඔහු පිටුපසට වී ඔහු අසල සිටිනා රෝගියාව තමා පරීක්ෂා කරනා අයුරු දැඩ් උනන්දුවෙන් යුතුව බලා සිටිනා ජංකුක් ව ඔහු නොදුටුවේය..  තම අවසන් නිගමනය පවසනා විට , ඔහු පිටුපස සිටි ජංකුක් ගේ දෑත් වෙව්ලා යන ආකාරයද , දෑස් අදුරු වන ආකරයද එම වෛද්‍යවරයා නොදුටුවේය..

එමෙන්ම තම වදන් අවසන් වීමට පෙර තම කමිස සාක්කුවේ තිබූ කාබන් පෑනක් ඉවතට ගන්නා ජංකුක්වද , ඔහු එය නොසන්සුන් කමින් අතැගිලි අතර චලනය කරනා ආකාරයද , අවසානයේ වියරු වැටී මෙන් එය තම ගෙල වෙත ගෙන එන ආකාරයද , නමුදු තම ගෙල එය පසාරු කර යාම වලකමින් අසල වූ ජිමින් ඔහුගේ අතින් තම ගෙල ආවරනය කරනා ආකාරයද , එම කාබන් පෑනෙහි වූ තියුනු වූ තුඩ ජිමින්ගේ අත්ල පසාරු කොට ගෙන ගමන් ගන්නා ආකාරයද එම වෛද්‍යවරයා නොදුටුවේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now