අවසන් කොටස

2.1K 441 236
                                    

වසර 2021 (මාස හයකට පසු)

"ජන්කූ........"
වටෙන් පිටෙන් අඳුර වැටද්දී, බැස යන හිරු කිරණ ඔහුගෙ ශරීරය සිප ගන්න කොට, කරමින් හිටි වැඩේ නතර කරපු ටේහ්‍යුන් ජන්කුක් ගාවට දුවගෙන ආවා.

"කූ..... මහන්සිද?"
ජන්කුක්ගෙ බෙල්ලෙ එල්ලුන ටේහ්‍යුන් ආදරෙන් ඇහුවෙ තමන්ගෙ පෙම්වතා මෙච්චර සල්ලි තිබිලත් තමන් වෙනුවෙන් සල්ලි හොයන්න කුලී වැඩ කරන නිසා.

"නෑ මැණික නෑ..... අපි යමු ගේ ඇතුලට......"
තමන්ට කොච්චර මහන්සික් දැනුනත් ටේහ්‍යුන් ට පෙන්නන්නෙ නැතිව ඔහුව හරහට වඩා ගත්ත ජන්කුක් ගේ ඇතුලට යන්න පිටත් උනා.

"තාම හවස 5යි නෙ කූ.... ඔයා ඇතුලට යන්න... මම ඉතිරි අල ටිකත් ගලවලා එන්නම් කෝ...."
ටේහ්‍යුන් කිව්වෙ හෙට විකුණන්න පොලට ගෙනියන්න අල මදි නිසා.

"මමත් එන්නද?"

"පිස්සු ද කූ... ඔයාට මහන්සී... කෝ මාව බිමන් තියන්න"
ටේහ්‍යුන් කිව්වෙ ජන්කුක් ගෙන් බේරෙන්න දඟලන ගමන්.

"බෑ කිව්වොත් බෑ....."

"හපනවා ඈ...."

"හපන්න බලන්න......."

"ආ...ආව්... බබා...."
ටේහ්‍යුන් ජන්කුක්ගෙ කන් පෙත්ත ටිකක් තදින් හපනකොට ජන්කුක් ට කෑ ගැහුනා.

"රිදුනා...."

"රිදෙන්න තමා හැපුවෙ. කෝ... මාව බිමින් තියන්න"
ටේහ්‍යුන් කිව්වෙ ජන්කුක් ගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන්.

"බෑ........." ටේහ්‍යුන්ව තවත් තමන්ගෙ තුරුලට ගත්ත ජන්කුක් හිනා උනා.

"ජන්කුක්...."
හුරු පුරුදු- ඒත් හුඟ කා එකට පෙර ඇහුන කටහඬක් නිසා ජන්කුක් එතනම ගල් උනා.

"අම්මා???"
ටේහ්‍යුන්ව බිමෙන් තිබ්බ ජන්කුක් තමන් දිහාවට අඬන ගමන් දුවගෙන එන අම්මා දිහා පුදුමෙන් බලාගෙන හිටියා.

"තා....ත්තා........."
කාර් එකෙන් තමන්ගෙ තාත්තා බැහැලා එනකොට ජන්කුක් ටේහ්‍යුන්ව තද කරලා අල්ලා ගත්තෙ මොනවා උනත් ඒ අත අත අරින්නෙ නෑ කියන අධිෂ්ටානයෙන්.

"ජන්කුක්......"

ජන්කුක් ව තද කරලා බදා ගත්ත අම්මා ජන්කුක් ගෙ උරහිසට ඔලුව තියාගෙන ඉකි ගහනකොට, ජන්කුක් ගෙ ඇස්වලත් නොදැනීම කදුලු පිරුනා.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now